මෙවර ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය එජාපෙන් – රංගේ බණ්ඩාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): පක්ෂ කිහිපයක ප්‍රධානීන් එජාපය හා එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඔවුන් කිහිපදෙනකු මැයි පළමු දා එජාප වේදිකාවට ගොඩවීමට නියමිත බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඒ අතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළත් බව පැවසේ.

මහනුවර පාතහේවාහැට ආසනයේ පැවැති රැස්වීමකදී රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ, මෙවර එජාපය ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පවත්වන බවයි.

එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායම බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වන විට දැඩි අර්බුද මතුව තිබෙන බවත් ඔවුන්ට මේ මොහොතේ ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය එජාපය හා එක්වීම බවත්, ඔහු කියා සිටී.

කවුරු මොනවා කීව ද මුලින් පවත්වන්නේ ජනපතිවරණය යැයි ද රංගේ බණ්ඩාර මහතා පවසයි.

බැලට් පේපර් එකේ පොහොට්ටු ලකුණු තිබිය යුතු යැයි කියන අය ඒ සලකුණ යටතේ අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත් කරනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන ලකුණකින් පොදු අපේක්ෂකයකු ලෙස බවත් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...