(VIDEO):ජනාධිපතිතුමා ජන්ද තියයිද නැද්ද දන්නේ නම් නෑ. හැබැයි අපි සූදානම් – නාමල්

Date:

කොළඹ LNW: ජනාධිපතිවරයා විසින් මැතිවරණ පවත්වනු ඇත්ද නැද්ද යන්න නොදන්නා නමුත් ඕනෑම මැතිවරණයකට සූදානම් අතර මැතිවරණ පැවැත්වුවහොත් ජන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කුමන මැතිවරණයක් පැවැත්වුවද ජයග්‍රහණයකට යා හැකි වාතාවරණයක් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණය අනුව පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන බවද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ අතර මෙවර පැවැත්වෙන සාර්ථකම මැයි දින සැමරුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන බවද ඔහු කියා සිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ පොදුජන මැයි දිනය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ජා කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...