ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අපහසුවෙන් ලැබුණු ඉතා පහසු ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 25, කොළඹ (LNW): ශ්‍රී ලංකාවට සකස් කරන ලද පන්දු පිටිය වෙනුවෙන් පන්දු යැවීම මෙන්ම නිවැරදි ඉලක්කයට පන්දු යැවීමේ වැදගත්කම ගැන පාඩමක්ද කියා දෙමින් තායිලන්ත කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක් පරාජයක් ලැබීය.කාසියේ වාසිය ලබා ගනිමින් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අස්වැසිල්ලක් ලබා නොදුන් තායිලන්ත පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියෝ තරගයේ මුල සිටම දැඩි පීඩනයක් ශ්‍රී ලංකාවට එල්ල කළහ.අද උදෑසන තරගයට පෙර සටහනෙන් ද අප සඳහන් කළ පරිදි මේ ජයග්‍රහණය පහසු ඒත් අපහසුවෙන් අත් කර ගත් ජයක් ලෙස හැඳින්වීම වැදගත්ය.
උදැසන සටහන නැවත කියවන්න.


https://sinhala.lankanewsweb.net/04/25/108318/
ශ්‍රී ලංකා මුළු ඉණිමට අයත් පන්දු 120 ට වඩා තායිලන්ත පන්දු යවන්නියන් විසින් යවනු ලැබුවේ වැඩිපුර පන්දු දෙකක් පමණි.එක් නිපන්දුවක් සහ වයිඩ් පන්දුවක් පමණක් සටහන් වූ අතර අතිරේක ලකුණු ලෙස ඊට වඩා එක්ව තිබුණේ පාදයේ වැදී ගිය ලකුණු හතරකි.එසේම පන්දු යවන්නියෝ පන්දුව නිසි ආකාරයට පන්දු පිටියට ගැලපෙන ආකරයටම පිතිකාරිණියන් වෙත එල්ල කළහ.පන්දු රැකීමද ඉහළ මට්ටමක පැවතිණි.
තරගයේ 15 වන පන්දු ඕවරයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පස්වන කඩුලුල අහිමි වන විට ලකුණු පූවරුවේ සඳහන් වූයේ ලකුණු 78 කි.එතැන් සිට අන්තිම පන්දු ඕවර් කිහිපයේ නොබිඳි ලකුණු 44 ක් එක් කරමින් නිලක්ෂි සිල්වා නොදැවී 29 (20) සහ අනුෂ්කා සංජීවනී 13 (15) ගොඩ නැඟූ ඉණිම නොවන්නට තායිලන්තයට එරෙහිව ලකුණු 100 ක් යන්න ද ශ්‍රී ලංකාවට විටෙක අවිශ්වාස මට්ටමක පැවතිණි.
ලකුණු 122 ක් ලබා ගෙන පන්දු යැවීමට පිටියට පිවිස් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වන විට වෘත්තීමය වශයෙන් තිබෙන පළපුරුද්දත් පන්දු රැකීමේ හැකියාවත්,පන්දු පිටිය අනුව පන්දු යැවීමත් නොපිරිහෙළා ඉටු කළ ද,යවන ලද පන්දු ඕවර් 16.2 ට අමතර වයිඩ් පන්දු 5 ක් දහ නිපන්දුවක් ද එක් කර තිබිණ.එය තායිලන්තයට වඩා ශ්‍රී ලංකාව සමඟ දක්ෂතා අතින් ආසන්න කණ්ඩායමක් වූයේ නම් සමහර විට එයම පරාජයට හේතුව වන්නටත් තිබිණ.
කෙසේ හෝ පන්දු රැ

කීමේ දී හංසිමා කරුණාරත්න හෙල්ල වීසි කිරීම හරහා ක්‍රිකට්වලට පිවිස ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසිමේ අනන්‍යතාවය පැහැදිළි කරමින් ලොන්ග් ඕෆ් කළාපයේ සිට පන්දුවට කඩුල්ලට එල්ල කිරීමේ දක්ෂ පන්දු රැකීමේ තිබුණේ ඇය ප්‍රගුණ කළ හෙල්ල වීසි කිරීමේ හැඩයම විය.ලකුණු 55 ට සියල්ලම දවා ගන්නට සමත් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් අතරින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයට නම් කර කිබුණේ සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 14 ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් දවා ගත් ඉනෝෂි ප්‍රියදර්ශනී ය.
එහෙත් ඉරෝෂිට එම හපන්කම් පෙන්වීමට හැකි ලකුණු පූවරුවක් සකස් කරන්නට වෙර දුන් නිලක්ෂි සහ අනුශ්කා මෙන්ම තවත් ලකුණු 19 න් දායකත්වය ලබා දෙමින් පිත්තෙන් විශාල සේවයක් ඉටු කළ හසිනි පෙරේරාගේ පිතිහරඹයද වීරත්වයෙන් ඇගයිය යුතුය.


තරගයේ සමස්ත ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්නට හැකිය.
https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-qualifier-2024-1425615/sri-lanka-women-vs-thailand-women-1st-match-group-a-1425638/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...