චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් හමුවෙයි (VIDEO)

Date:

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ නියෝජිතයන් අතර හමුවක් පෙරේදා (24) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

දෙපාර්ශ්වය අතර සිදු වූ මෙම සුවිශේෂී සාකච්ඡාව පැයක කාලයකට පමණ සීමා වූ අතර මෙම සාකච්ඡාවට අමතරව විනාඩි 45ක කාලයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමතිනී සන් හයියන් මෙනවිය අතර මුහුණට මුහුණ පෞද්ගලික සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙහි දී ආර්ථික, වානිජ, ව්‍යාපාර, දේශපාලන සබඳතා යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. මෙහි දී චීනයේ ආර්ථික සංවර්ධන මොඩලය අප රටට ආදේශ කර අප රට පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

එහි දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් මෙරට ආර්ථිකය නැවත පණ ගැන්වීම උදෙසා නව ව්‍යාපාර සහ ව්‍යවසායකයන් මිලියනක් බිහි කිරීම සඳහා උපකාර කරන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් ද පැමිණ සිටි දූත පිරිස දැනුවත් කරන ලදී. එසේම මේ වසර මැතිවරණ වසරක් බැවින් එහි වැදගත් කමද විපක්ෂ නායකවරයා විසින් පැමිණ සිටි පිරිසව දැනුවත් කරන ලද අතර ජනතාව අපේක්ෂාවෙන් සිටින ජනතාවාදී පාලනයක් ගොඩ නැගීම වෙනුවෙන් තමා ඇතුළු සමගි ජන බලවේගය සූදානම් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමතිනී සන් හයියන් මෙනවිය, චීන තානාපති Qi Zhenhong මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao මහතා, මෙරට චීන තානාපති කාර්යාලයේ උපදේශක චෙන් ෂියැන්ග්යුවාන් මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan මෙනවිය, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙන් ජුන් මහත්මිය, උප ඇමති ලේකම් ජින් යාන් මෙනවිය, තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කරන ජින් එන්සේ මහතා සහ භාෂා පරිවර්තන ෂැං ගුයු මහතා එක් විය.

එසේම සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, හර්ෂණ රාජකරුණා සහ නලින් බණ්ඩාර යන මහත්වරුන් එක්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...