ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්ට්‍රේලියාවේ ඒබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානි ඩයස් ඉන්දිය මහමැතිවරණය ආවරණය කරමින් සිට ඇති අතර, ඇය හදිසියේම රටින් පිටවී ගොස් ඇතැයි වාර්තා වේ.

ඇතැම් වාර්තා පැවසූවේ, ඇය රටින් පිටවී ඇත්තේ ඉන්දීය රජයේ නියෝගය හේතුවෙන් බව වුවත්, ඇගේ වීසා බලපත්‍රය ජූනි මාසය දක්වා දීර්ඝ කිරිමට ඉන්දීය රජය පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය කර ඇතැයි අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් අවානි ජයස් පසුගිය 19 වැනිදා ඉන්දියාවෙන් පිටවී ගොස් ඇත්තේ සීමාව ඉක්මවා කටයුතු කරන බවට චෝදනා කරමින් ඇගේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවට ද ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඉන්දීය රජය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වීසා බලපත්‍ර හිමි සියලුම විදෙස් මාධ්‍යවේදින්ට මහමැතිවරණ ක්‍රියාකාරකම් ආවරණය කිරීමට අවසර ලබා දුන් බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද ඉන්දීය රජය එම ගැටලුව පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුව ඇතැයි ඉන්දිය මාධ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...