PSTF මෙහෙයුමෙන් කසල තේ කි.ග්‍රෑ 27,367 ක් සොයා ගැනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත දවුලගල සහ නවකුරුදුවත්ත පොලිස් වසම්වල සිදුකල වැටලීම් දෙකකදී, කසළ තේ ගබඩා දෙකක් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

එම ගබඩා දෙකෙහි තිබී කසල තේ කිලෝග්‍රෑම්  27,367ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ උලපනේ, ලීමගහකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා දවුලගල සහ නවකුරුදුවත්ත පොලිස් ස්ථාන වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ. 
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...

බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට...

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...