ඔබේ වකුගඩු රැකගන්න! වකුගඩු රෝගීන්ගේ සංගමයෙන් භයානක හෙළිදරව්වක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW):දියවැඩියාව වැළදීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවත්, මෙරට ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ, ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා,

“අපේ රටේ 10% විතර කිසියම් හෝ වකුගඩු රෝගයෙක් සිටිනවා. ඇත්තටම මේ සඳහා විවිධ සාධක බලපානවා. මෙම රෝග වළක්වා ගැනීම සඳහා යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම දියවැඩියාව තමා අපේ රටේ වකුගඩු නරක් වෙන්න බලපාන ප්‍රධානතම සාධකය. මනා දියවැඩියා පාලනය තමා මෙම රෝගීන් වකුගඩු රෝගයෙන් බේරීමට කළ යුත්තේ. ඊට අමතරව වෛද්‍ය උපදෙස් පිළිපැදීම, සායනවලට නිසි පරිදි සහභාගී වීම, ඉතාම වැදගත්. ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩු කරගෙන, නීරෝග අයෙක් නම් දිනකට වතුර ලීටර් තුන හමාරක් පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...