කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට චීනයේ සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW): චීනයේ ටියැංජි වරායේ සහාය යටතේ කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට අවස්ථාව හිමිව තිබෙන බව, වාර්තා වේ.

මෙම අදහස් පළකෙරුණේ, ලෝකයේ 9 වන වරාය ලෙස ශ්‍රේණිගතව සිටින ටියැංජි වරායේ සභාපති චූ බින් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේදී බව සඳහන් වේ.

ලෝකයේ දැනට ක්‍රියාත්මක වන විශාල වරායන් තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්‍රියාවලිය හෙවත් හරිත වරායක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින අතර, කාර්මීකරණයෙන් හා වරාය මෙහෙයුම්වලින් ඉහළම ස්ථානයක සිටින කාර්ය බහුල වරායන් හිමි චීනය සිය හරිත වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී ලබාගත් අත්දැකීම් මිතුරු රටවල් අතර බෙදාගැනීමේ පියවරක් ලෙස මෙම සහාය ලබාදී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...