ශ්‍රීපාලිය ආරම්භයේදීම මුෂ්ටි කවයට හොඳ පිම්මක් පනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 30, කොළඹ (LNW):

මෙවර බස්නාහිර පළාත් බොක්සිං පාසල් තරගාවලිය ආකර්ශණීය හැඩයකට පවත්වන්නට කටයුතු යොදලා තිබුණා.පාසල් 40 ක් සහභාගි වුණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 එකතු වුණ මේ තරගාවලිය කොම්පඤ්ඤවිදීය මේරියම් කාන්තා විද්‍යාලයේ පැවත්වීමට කටයුතු සළසා තිබුණා.
මේ තරගාවලියෙ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු වරට පැමිණි හොරණ ශ්‍රීපාලිය හොඳ අඩව්වක් ඇල්ලුවා.ඇත්තටම ආරම්භක ප්‍රවේශය අකුරු දෙකකින් කිව්වොත් මරු.


පසුගිය සමයෙ හොරණ අවටින් ක්‍රීඩකයො හැඳුණා.රට රටවල ගොස් රටේ නම තිබ්බා.හැබැයි වැඩේ ශ්‍රීපාලියට එන්නෙ ටිකක් පමා වෙලා.ශ්‍රීපාලිය කියන්නෙ හොරණ පමණක් නෙමෙයි රටම දන්න බොහෝ විෂයන්වල ප්‍රවීනයො හදපු තැනක්.විශේෂයෙන් රසවත් සහ නැණවත් කියන මිශ්‍රණය සමඟ බිහි වූ මිනිසුන් පිළිබඳ කතා ශ්‍රීපාලිය සතුයි.සෞන්දර්යය,සාහිත්‍යය,ක්‍රිඩාව සහ අධ්‍යාපනය කියන විෂය පථයන් සියල්ලේම පෙරමුණේ තබන්නට හැකි මිනිස් පවුරක් හදපු ශ්‍රී පාලියේ බොක්සිං ගමණෙ පළමු පියවරත් සාර්ථකයි.


ඒ අතරින් ශ්‍රී ලංකාවට බොක්සිං පිටියේ ජාත්‍යන්තරය ස්පර්ශ කළ හැකි බර පංති ලෙස ඉදිරියෙන් සිටින පහළ බර පංති නියෝජනය කළ ශ්‍රීපාලියේ උමායා සාමින්දි කිලෝ ග්‍රෑම් 50 – 52 බර කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමත්,පිනිදි කවීශා කිලෝ ග්‍රෑම් 52-54 පංතියේ රන් පදක්කම දිනා ගැනීමත් වටිනාකම් ඉදිරියේදී තව වැඩි විය හැකි ජයග්‍රහණයි.


රිදි පදක්කම් දිනා ගනිමින් දස්කම් දැක් වූ පිරිස අතර නෙත්මි හංසිකා (කිලෝ ග්‍රෑම් 48=50),යූඅයි ගමගේ (කිලෝ ග්‍රෑම් 54 – 57),එච්ඩී සංජනා (කිලෝ ග්‍රෑම් 68-60) ක්‍රීඩිකාවන් රිදී පදක්කම් දිනා ගනිද්දී කාන්තා අංශයෙන් ලෝකඩ පදක්කම් දිනා ගන්නට කිලෝ ග්‍රෑම් 46 – 48 කාණ්ඩයෙන් ඩබ්ලිව්අයි ජයකොඩිට ද,51 – 54 බර පංතිය නියෝජනය කළ කේඩී නවෝද්‍යාට ද හැකියාව ලැබුණා.
බාලක අංශයේදී ශ්‍රීපාලිය සමත් වුණේ ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීමට පමණයි.එහිදී කිලෝ ග්‍රැම් 48-50,කිලෝ ග්‍රෑම් 46-48,කිලෝ ග්‍රෑම් 50-52 සහ කිලෝ ග්‍රෑම් 60-63 යන බර පංතිවලින් පිළිවෙලින් යුඩී නෙත්මිණ,කේඑම් විශ්ව,ඩබ්පිව් රදීශ සහ බී කවිඳු රවිශාන් ලෝකඩ පදක්කම් දිනා ගත්තා.


මේ තරගාවලියේ සංවිධානය සහ එහි ආකර්ශණීය බව ඉහළින් පවත්වාගෙන යන්නට ගෙන තිබුණු උත්සාහය අතිශයින් වැදගත් අතර ශ්‍රීපාලි කණ්ඩායමේ ජයග්‍රහණය පිටුපස සිටි පුහුණුකරු සුපුන් විජේමාන්න සහ ක්‍රීඩා භාර ආචාර්යවරුන් වන වින්ධ්‍යා ස්වර්ණමාලි සහ දිමන්ත චමීර කණ්ඩායම සමග ගත් ඡායාරූප මෙහි දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...