උමා ඔයේ ඇත්ත!

Date:

කොළඹ LNW:උමා ඔය බහු කාර්‍ය ව්‍යාපෘතිය නිසා රට තුළ බරපතල පාරිසරික හා ආර්ථික හානියක් වු බව නොරහසකි. මධ්‍යම කඳුකරය යනු රටේ විශාල ජලසම්පතක් ගබඩා කරගෙන සිටින, ඉතා සංවේදී ලෙස ආරක්ෂා කල යුතු ප්‍රදේශයකි. වසර දහස් ගණනක ඉතිහාසය පුරාවට මධ්‍යම කඳුකරයේ විශාල වැව් ආදිය ඉදි නොකළේ මධ්‍යම කඳුකරයට නිතර වැටෙන වැස්ස නිසා ජලය අවශ්‍ය නොවු නිසාත්, මධ්‍යම කඳුකරයට අත තැබීම අනතුරුදායක නිසාය.

උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කරන විට, එමඟින් සිදුවිය හැකි විනාශය, අප ඇතුළු පරිසරයට සංවේදී සියළු දෙනාම විවිධ මානයන්ගෙන් පෙන්වා දෙන ලදි.

නමුත් ඒ විද්‍යාත්මක මතයන් සත පහකට මායිම් නොකර ආරම්භ කරන ලද උමා ඔය ව්‍යාපෘතිය නිසා, වැලිමඩ ප්‍රදේශයේ භූගත ජලය සම්පුර්යෙන් සිඳී ගිය අතර, වැලිමඩ ප්‍රාදේශිය සභාව විසින් ජනතාවට බවුසර් වතුර ලබාදෙන තරමට ප්‍රශ්ණය උග්‍ර විය.

2014 දී පළමුවන වතාවට උමා ඔය ආශ්‍රිතව සිදුවු විශාල නාය යෑම නිසා, නිවාස 500කට ආසන්න ප්‍රමාණයක් බරපතල අනතුරට පත්⁣විය. අදටත් පුහුල්පොළ හා ඒ අවට නිවාස වලට සිදුවී ඇති හානිය හොඳින් බලාගත හැකිය. එදිනෙදා භාවිතයට ජලය ලබාගත් ළිං 5000 පමණ ප්‍රමාණයක් විනාශ වු අතර, වැලිමඩ ,මකුල් ඇල්ල, පුහුල්පොළ අතර ප්‍රදේශ වල මිනිසුන් පාරම්පරිකව වගා කරමින් සිටි වගා ඉඩම් ගණනාවක් පාලුවී විනාශ වී ගියේය .

ඒ අතරතුර පැමිණි ආණ්ඩුව තුන්වන වතාවටත් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කල අතර, මෙම අසාර්ථක ව්‍යාපෘතිය පණ ගසන්න හදන විටම නැවත වරක් නාය යෑම් ආරම්භ වී ඇත. 2024/04/24 සිට කරදගොල්ල මලිත්ත ගම්මානය නාය යෑම, උමා ඔය ඉදිකිරිම් නිසා ඇති වූ දෙදරීම් වල ප්‍රථිපලයකි.

මධ්‍යම කඳුකරය ඉතා සංවේදි ලෙස ආරක්ෂා කල යුතු ප්‍රදේශයකි. වසර දසලක්ෂ ගණනක් තිස්සේ ක්‍රමාණුකුලව භූ තැටි ඝට්ටනය වීමෙන් හා වෙනත් ස්වාභාවික හේතුන් මත නිර්මාණය වී ඇති මධ්‍යම කඳුකරයේ සියුම් පස් තට්ටු විශාල දෙදරීම් වලට ලක් කල නොහැකිය. පාලකයන් තමාගේ ආර්ථික වාසි තකා ඕනෑම එකක් අටවන්නට පටන් ගත්තද, එහි වන්දි ගෙවන්නට සිදුවන්නේ අසරණ මිනිසුන්ට හා සෙබාදහමටය.

අචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...