කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියානු මිසයිල ප්‍රහාරයකින්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසාහි පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසයි.

මෙම ප්‍රහාරයෙන් “හැරී පොටර් කාසල්” නමින් හඳුන්වන අධ්‍යාපන ආයතනයක්ද ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 30 දෙනා අතර ළමුන් දෙදෙනෙකු සහ ගැබිණි කාන්තාවක් ද වන බව සඳහන් වන අතර, ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි 20 කට ආසන්න ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...