දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීනයේ Guangdong පළාතේ Meizhou නගරය සහ Dabu ප්‍රාන්තය අතර S12 අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා හදිසි ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මාර්ගය කඩා වැටීමට හේතු මෙතෙක් අනාවරණය නොවන අතර පසුගිය සති කිහිපය තුළ දැඩි වර්ෂාපතනයේ සිට ගංවතුර සහ මාරාන්තික සුළි කුණාටු ආදී ආන්තික කාලගුණික සිදුවීම් මාලාවකට Guangdong පළාත ලක් විය.

චීනයේ රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබුණේ, ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...