(VIDEO):වේලිච්ච ගස්වලට කවුද ගහන්නේ. ඵල ඇති රුකට මල් පිපෙන ගහට තමයි ගහන්නේ – මෛත්‍රී

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදවලට වගකිවයුතු බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වන චෝදනා වලට අද (01) වෘත්තීය සමිති නායකත්වයෙන් දේශපාලනයට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකිරීමේ පුරෝගාමීයකු වූ T.B. ඉලංගරත්න ශූරීන්ගේ පිළිරුවට උපහාර දැක්වීමේ අවස්ථාවේ සිරිසේන මහතා ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී සිරිසේන මහතා පැවසුවේ වේලිච්ච ගස්වලට නොව ගල් ගසන්නේ ඵල ඇති රුක්වලට සහ මල් පිපෙන ගස් වලට බවයි,

කෙසේවෙතත් තමන් තවමත් ශ්‍රීලනිප සභාපති වුවද පවතින වාරණ නියෝගය හේතුවෙන් පත්කර තිබෙන සෙසු නිලධාරීන් පක්ෂයේ කටයුතු සිදුකරගෙන යන බවත් ඉදිරියේදී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට පක්ෂයේ බහුතරයේ කැමැත්ත ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට ගිය 11 දෙනා වෙනුවට ආණ්ඩුවෙන්ද හොඳ කෙනෙක් ශ්‍රීලනිපයට ගත් බවත් විජයදාස රාජපක්ෂ මහතාට දැන් ආණ්ඩුවේ ඇමති ධූරය ගැන වුවමනාවක් නැති බවත් නිසි වෙලාවේදී ඒ ගැන තීරණයක් ගනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...