ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ තෙවන තරගයත් ජය ලබති

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 02 , කොළඹ (LNW): ඩුබායි හී පැවත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තමන් සහභාගි වූ තෙවන තරගයද ඉතා පහසුවෙන් ජය ගන්නට සමත් වුණා.කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ගබා ගන්නට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණුනම ඉණිම ක්‍රීඩා කළේ විශ්මි ගුණරත්නයි.ඉණිම අරඹඹින් නොදැවී සිටි ඇය පන්දු 64 න් ලකුණු 73 ක් එක් කර තිබුණා.චමරි අතපත්තු පන්දු 21 දී ලකුණු 24 ක් සහ හසිනි පෙරේරා පන්දු 24 දී ලකුණු 30 න් ශ්‍රී ලංකා ඉණිම පොහොසත් කරන්නට සම්මාදම් වුණා.මීටත් වඩා පොහොසත් ලකුණු පූවරුවකට යාමට තිබුණු ඉඩ මඟ හැරුණේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීශා දිල්හාරි දෙදෙනාම දුවද්දී දැවී යාම්වලට ගොදුරුවීම නිසයි.

මෑත ඉතිහාසය ගත් විට ඉතාම හොඳින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩිකාව බවට තරග ගණනාවකදී ඔප්පු කර තිබුණු හර්ෂිතා මෙම තරගාවලියේදී පළමුවරට කණ්ඩායමට කැඳවා තිබුණා.එසේම ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නිය වූ ඉනෝකා රණවීරද 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ද ඊයේ කැඳවා තිබුණ අතර ගිම්හානිගේ පළමු නිල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ද එය වුණා.

ලකුණු 154 ඉලක්කය කරා යාමේදී ගිමිහානි සිය පළමු ඕවරයේදීම කඩුල්ලක් බිඳ හෙළමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 23 ට කඩුලු 2 ක් ලබා ගනිමින් නිමාවට පත් කළා.ඉනෝකා පන්දු ඕවර් 3 ක් යවමින් ලකුණු 10 ට කඩුලු 2 ක් සහ කවීහා දිල්හාරි තරගාවලියේ වැඩිම කඩුලුලාභීණිය වෙමින් ලකුණු 27 ට කඩුලු 2 ක් දවා ගත්තා.චමරි අතපත්තු උගන්ඩාවට තර්ජනයක් වෙමින් පන්දු ඕවර් 3 ක් තුළ ලකුණු 5 ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.

උගන්ඩා ඉණිම ලකුණු 87 දක්වා රැඟෙන යාමේදී වැඩිම ලකුණුලාභිණිය වෙමින් ප්‍රොස්කොවියා ඇලාකෝ ලකුණු 36 එකතු කළේ පන්දු 32 ට පමණක් මුහුණ දෙමින්.ලකුණු 67 ක් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිඳු වූ ඉහළම දායකත්වය ලෙස සළකා විශ්මි ගුණරත්න තරගයේ වීරවරිය ලෙස නම් කරන්නට යෙදුණා.

තරගයේ සමස්ත ලකුණු සටහනට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-qualifier-2024-1425615/sri-lanka-women-vs-uganda-women-14th-match-group-a-1425651/full-scorecard
තරගයේ විශේෂ අවස්ථා පහත සබැඳියෙන් නැරඹිය හැකියි.
https://www.youtube.com/watch?v=93oOahVPG6Q

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...