ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනපති අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදු වී ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් වූ බව වාර්තා වේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් තැබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමිකාවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදාළව නව නීති සම්පාදනය කරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති සාධනීය පියවර ඇගයීමට ලක් කළ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම තම අරමුණ බවද පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහාය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා අමතක නොකළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...