වීසා ගැටලුව ගැන අදහස් දැක්වීම නිසා පොලිසියට කැඳවූ තරුණයා වෙනුවෙන් විපක්ෂ නායක පෙනී සිටියි!

Date:

පසුගිය දිනක වීසා ගැටලුවක් සම්බන්ධයෙන් ගුවන්තොටුපොළේ දී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ මහතාව පොලිසියට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවත් මෙය පොලිස් රාජ්‍යයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් භාෂණයේ නිදහස් ඇති නිසා ඔහුට කරදර නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සඳරු කුමාරසිංහ මහතා පසුගිය දිනක ගුවන්තොටුපොළේ දී යම් කාරණයක් සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරිම සමාජ මාධ්‍ය හරහා දැක ගැනීමට හැකි වූ බවත් ඒ මහතාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස ඇති බවත් එය අවහිර කිරිමට නොහැකි බවත් ඔහු ඔහුගේ මතය ඉදිරිපත් කර ඇති නිසා මේවා දුරදිග ගෙන යාම පළක් නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...