රු.මි. 120කට ආසන්න දේපළ රැසක් පොලිසියට පවරා ගැනේ!

0
418

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්‍රදේශවල දී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගත් බව වාර්තා වේ .

මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබෙන අතර ,ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන ප්‍රදේශයේ අක්කරයක වගා භූමියක් පවරා ගත් බව පැවසේ .

පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම දේපළ ගාල්ල හාළිවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඒවා බවයි.