රු.මි. 120කට ආසන්න දේපළ රැසක් පොලිසියට පවරා ගැනේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්‍රදේශවල දී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගත් බව වාර්තා වේ .

මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබෙන අතර ,ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන ප්‍රදේශයේ අක්කරයක වගා භූමියක් පවරා ගත් බව පැවසේ .

පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම දේපළ ගාල්ල හාළිවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඒවා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...