වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසා සිටියේ , හෙට දින (10) වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත

කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි .

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

ඩිජිටල් උපාය මාර්ග සැලැස්ම – 2030 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. එහි ප්‍රධාන කරුණු 06ක් අප විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එහි පළමු වැන්න යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, කුසලතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සම්බන්ධිත ඩිජිටල් රජයයි. (connected Digital Government) ඒ වගේම සයිබර් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව, පෞද්ගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ ඩිජිටල්කරණය ලෙස අනෙක් කරුණු පෙන්වා දිය හැකියි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ගෝලීය ආයෝජන ප්‍රවර්ධන සමුළුවක් ද ජූනි මස 25 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ වගේම පාසැල් සඳහා සුහුරු පන්ති කාමර 1000ක් ලබාදීමට අප කටයුතු කළා. මෙම වසර අවසානයට පෙර තවත් පාසැල් 500ක් සඳහා සුහුරු පන්ති කාමර ලබාදීමට කටයුතු කරනවා. තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන් සහ NVQ 4 සුදුසුකම්ලාභීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට ද කටයුතු කරනවා.

එමෙන්ම වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති පැවතුනේ නැහැ. ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

සියලුම සමාජ ජාලා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 60 සිට මිලියන මිලියන 74ක් දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. එනමුත් ජාතික සයිබර් ආරක්ෂණ පනතක අවශ්‍යතාව පවතිනවා. ඒ අනුව අදාළ පනත 2024 මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම SL CERT ආයතනය සමඟ එක්ව රාජ්‍ය ආයතන 29ක් සමඟ සයිබර් ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පින්නවල සහ කිතුල්ගල සංචාරක කොරිඩෝව සංවර්ධනය සඳහා ද රුපියල් මිලියන 750ක් වෙන් කර තිබෙනවා”

ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...