*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ඩීපී එඩියුකේෂන් මෙරට අධ්‍යාපනයේ විප්ලවයේ කොටසක් – ධම්මිකට සහ ප්‍රිසිලාට ජනපතිගෙන් පැසසුම් !

ඩීපී එඩියුකේෂන් වැඩසටහන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ආරම්භ කළ බවත් ඒ සම්බන්ධයෙන් එහි සම සභාපතිවරුන් වන ධම්මික පෙරේරා මහතාට සහ ඒ මහතාගේ බිරිඳ වන ප්‍රිසිලා පෙරේරා මහත්මියට ස්තූතිවන්ත විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අද ධම්මික පෙරේරා මැතිතුමාත් ප්‍රිසිලා පෙරේරා මැතිණියත් වෙනසක් ආරම්භ කරලා තියෙන්නේ. දැන් වෙනස කියන එක හැම එකටම අපි පාවිච්චි කරනවා. ඒත් මේ නියම වෙනසක් තමයි අද ඇතිවෙලා තියෙන්නෙ. ඒ වෙනස තමයි කාන්තා හිංසනයට විරුද්ධව පාරක් යෙදීම. එතනින් තමයි අපි මෙතන ආරම්භ වෙන්නෙ. විශේෂයෙන්ම මේ වැඩකටයුත්ත සාර්ථකව කරන්න අවස්ථාව ලැබුණෙ එතුමාත් ඒ මැතිණියත් ආරම්භ කරපු ඩීපී එඩියුකේෂන් වැඩසටහන නිසා. ඒ ගැන එතුමා හොඳ විස්තරයක් කළා. ඉතින් මම කියන්න කැමතියි ඇත්ත වශයෙන්ම ඩීපී එඩියුකේෂන් වැනි වැඩසටහන් අනාගත අධ්‍යාපනයේ කොටසක්.

අපි ඉතිහාසය දිහා බැලුවොත් කාලෙකට ඉස්සෙල්ලා, අවුරුදු දෙසීයකට තුන්සීයකට ඉස්සෙල්ලා අධ්‍යාපනය ලැබුවේ ගහක් යට, ගල්ලෑල්ලක් අරගෙන. පොතක් නෑ, කොපි පොතක් නෑ. ඊටපස්සෙ අපි ගොඩනැගිල්ලක් ඇතුළෙ. කොළ කෑලිවල ලිව්වා, කොපි පොත් ආවා, මුද්‍රණය කරපු පොත් ආවා. අපි එහෙම තමයි පාසල් ගියෙ. අද වාගේ අතින් අරගෙන බලන්න ජංගම දුරකථනයක් අපට තිබුණෙ නෑ. අද ඊට වඩා වෙනස් තත්වයක් තියෙන්නෙ. අන්න එහෙම විටින් විට අපේ අධ්‍යාපන පරිසරය වෙනස් වෙනවා. පන්සල් අධ්‍යාපනයේ ඉඳන් පාසල් අධ්‍යාපනයට. දැන් අපේ අධ්‍යාපනයට, පන්ති කාමරයට, ගුරුතුමාට ඒ වගේම තාක්ෂණයත් ඇතුළු වෙලා තියෙන්නෙ. වර්චුවල් ක්ලාස් රූම්. අපි කියන්නෙ ස්මාර්ට් ක්ලාස් රූම්.

මේ වැඩකටයුත්ත ආරම්භ කළායින් පසුව, මං හිතන්න 2017 – 2018, කෙසේ හෝ මේ ධම්මික පෙරේරා මැතිතුමා පැමිණිලා ඒ වැඩකටයුතු හුඟක් සීඝ්රයෙන් ක්‍රියා කරලා අද පාසල් 600ක පමණ එතුමාගේ ඒ පදනමේ වියදමින් ඒ වැඩකටයුතු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි එතුමාට ඒ ගැන ස්තූතිවන්ත වෙන්න ඕනෑ. අලුත් පන්ති කාමරයක්, අපට පරණ ක්‍රමයට යන්න බැහැ. මේ අලුත් ක්‍රමයෙන් පාසල් පන්ති කාමරය පමණක් නෙවෙයි ටියුෂන් පන්තියත් වෙනස් වෙන්න යනවා. තව ටික කලකින් ඕක තවත් වෙනස් වෙන්න යනවා කෘතීම බුද්ධිය දැම්මාම. ඉතින් මේ අධ්‍යාපනයේ විප්ලවයේ කොටසක් මෙතන තියෙන්නෙ ආරම්භය. ඉතින් එහෙම වැඩකටයුතු කිරීමෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕනෙ. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න.

ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ හැම එක්කෙනාටම අධ්‍යාපනය ලබාදීම ගැන. නමුත් මම සඳහන් කරන්න කැමතියි අපිට තවමත් ඒ අධ්‍යාපනය ලබාදුන්නාට හැම එක්කෙනාටම එකම මට්ටමේ අධ්‍යාපනය ලබාදෙන්න අපට බැරිවෙලා තියෙනවා. එහෙනම් දැන් මේ තාක්ෂණයෙන් අපට අවස්ථාව ලැබෙනවා ඒ වැඩකටයුත්ත කරන්න.

ඒත් ඒ ව්‍යාපාරය ආරම්භ කරපු නිසා තමයි අද විශෙෂයෙන්ම මේ GG movement ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙ කාන්තා හිංසනයට විරුද්ධව. කාන්තා හිංසනය නවත්වන්න අපට විශේෂ යුතුකමක් තියෙනවා. අපි කැපවෙලා ඉන්නවා කාන්තා අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්න. ඒත් ඒක වචනයට සීමා කරන්න බැහැ. දැන් ඇත්ත වශයෙන්ම මේ දෙන හස්ත සංඥාවලින් අපට පුළුවන් දැනුවත් කරන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඩීපී අධ්‍යාපනය වැඩසටහන මාර්ගයෙන් පමණක් නෙවෙයි සාමාන්‍ය මාධ්‍යවලිනුත් මෙතනට එකතුවෙයි කියලා මේ ගැන ප්‍රචාරයක් ලබලා දෙන්න. එහෙනම් විශේෂයෙන්ම මම ඒ ගැනත් ධම්මික පෙරේරා මහතා සහ ඒ මැතිණියට ස්තූති කරන්න කැමතියි.

ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙනවා ධනපතියොයි දානපතියොයි. දානපතියො කියන්නෙ ධනපතියෙක් තමන් මුදල් හම්බ කළාම ඒකෙ කොටසක් සමාජයට යොදන අය. අන්න මේක දානපතිකමට හොඳ උදාහරණයක් කියලා මම කියන්න කැමතියි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් නවතාලීම සඳහා හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වාදීම උදෙසා ඩීපී එඩියුකේෂන් ආයතනය විසින් ඊයේ (10) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ උත්සවය අමතමිනි.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan