*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ජනාධිපති ලේකම් කාර්යාල මාධ්‍ය අධ්‍යක්ෂකවරයකුට එරෙහිව අල්ලස් චෝදනා?

මැයි 13, කොළඹ (LNW): පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් පළකළ ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහනක් හේතුවෙන්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් ඊට අදාළව විමර්ශනයක් දියත් කරන මෙන් ඉල්ලා තිබේ.

ඒ අදාළ ෆේස්බුක් සටහනින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයකුට එරෙහිව අල්ලස් චෝදනා එල්ලකර තිබීම හේතුවෙනි.

ඔහුගේ ෆේස්බුක් සටහනට අනුව, ප්‍රශ්නගත ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා, එම  ප්‍රාදේශීය ලේකම්වරයා ජීවත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකුගේ දුරකතන අංකය ලබා දෙන මෙන් ඉල්ලා ඔහුට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ඉල්ලූ දුරකතන අංකය හිමි පුද්ගලයා සතු ඉඩමක් රජය විසින් අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙම තැනැත්තා හට රු. මිලියන 5 ක වන්දි මුදලක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත්, අදාළ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා මෙම ප්‍රාදේශීය ලේකම්වරයාට පවසා තිබෙන්නේ එකී වන්දි මුදලට එරෙහිව පෙත්සමක් තමා වෙත ලැබී ඇති බවත්, ඒ අනුව, ඊට අදාළ විමර්ශනය අවසන්වන තුරු එම වන්දි මුදල නිකුත් කිරීම වළක්වන ලෙසත් ය.

මින් වික්ෂිප්ත වූ ප්‍රාදේශීය ලේකම්වරයා, අදාළ තැනැත්තාට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබේ නම්, එහි පිටපතක් යොමුකරන මෙන් අදාළ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත දැනුම් දී ඇති අතර, අදාළ තැනැත්තාගේ දුරකතන අංකය තමා සතුවූව ද එය ලබා නොදීමට ඔහු විසින් කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, ඉන් අනතුරුව, එම ප්‍රාදේශීය ලේකම්වරයා උක්ත වන්දි මුදල ලබා ගත්තේ යැයි කියන තැනැත්තා හමුවී මේ පිළිබඳ විමසීමක් කර ඇති අතර, එවිට එකී තැනැත්තා ඔහුට පවසා තිබෙන්නේ, තමා මීට ඉහත අවස්ථාවක එම වන්දි මුදලට අදාළව ජනාධිපති කාර්යාලයට ගිය බවත්, ඉහත ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හමු වූ බවත් ය.

ඒ අනුව, එම ප්‍රාදේශීය ලේකම්වරයා, අදාළ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ගේ දුරකතන අංකය එම තැනැත්තා වෙත ලබා දී ඇති අතර, ඔහුට දැන ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න එම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් විමසා දැනගන්නා ලෙස ඔහුට උපදෙස් ලබා දී තිබේ.

ඉන් අනතුරුව උක්ත ඉඩමට අදාළව වන්දි මුදල ලබාගත් තැනැත්තා එකී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත ඇමතුමක් ලබාගෙන ඇති අතර, ඔහු තමා වෙත ලැබුණු වන්දි මුදලෙන් යම් මුදල් ප්‍රමාණයක් ඉල්ලා සිටි බවට ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.

අදාළ වන්දි මුදල ලබා දී තිබෙන්නේ රජය විසින් සිදුකරන පුළුල් අධීක්ෂණයකින් පසුව වන බැවින් එම මුදලෙන් එකඳු සතයක් හෝ කිසිඳු පුද්ගලයකුට ලබා දීමට ඔහු බැඳී නොමැති බව එම ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ තැනැත්තාට දැනුම් දී ඇත.

ඒ අනුව, මෙම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත අල්ලස් චෝදනා ගොනුකරමින් එම ප්‍රාදේශීය ලේකම්වරයා සිදුවීම පැහැදිලිකළ ෆේස්බුක් සටහනක් තබා ඇත.

මෙම පුවත අනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රශ්නගත ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පිළිබඳව විමර්ශනයක් දියත් කිරීමට උපදෙස් දී ඇති නමුත්, මේ පිළිබඳ කරුණු නිසි බලධාරීන් වෙත දැනුම් දීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීම නිසා අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා ද යම් නීතිමය අවදානමක පසුවන බවයි වාර්තා වන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan