සියඹලාපිටියගෙන් පුළුල් සංවාදයකට ඇරයුම්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): රජය මේ වන විට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශවයකට ගැටළු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බව ඒ මහතා කියා සිටී.

අමාත්‍යවරයා පැවසූවේ, ප්‍රචලිත මාතෘකාවක් වන සීනි බදු වංචාව සම්බන්ධව බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ ද මේ සම්බන්ධයෙන් චෝදනා කරන සහ විවේචනය කරන පාර්ශවයන්ගෙන් මීට ඉදිරිපත් කළ හැකි ප්‍රායෝගික විසඳුම් මෙතෙක් ලැබී නොමැති බව ද කිසියම් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් වේ නම් එය ඉදිරිපත් කරන ලෙසයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බදු අඩු කිරීමට සාපේක්ෂව ආනයනකරු අදාළ අඩුකිරීම් නොකළහොත් ඔහුට එයින් මිදීමට හැකියාව ලැබුණු විට අසීමිත මුදලක් එකතු කර ගැනීමට හැකිවන බවත් යම් අවස්ථාවක වහාම බද්ද වැඩි කලොත් රට තුළ පවතින තොග වලට අනියම් වටිනාකමක් එකතුවන බවත් රජයට එය පාලනය කර ගත නොහැකි වුවහොත් එහි ලාභය යන්නේද ව්‍යාපාරිකයාට බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...