සටහන – නිශ්මං රණසිංහ
මැයි 15, කොළඹ (LNW): ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමේ ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන එකම සිව්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඉණිමකින් සහ ලකුණු 61 න් ජයගත් එම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් සිය දෙවන පෙළ සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය සහ බලාපොරොත්තු සහතික කිරීමක ලෙස ගත හැකියි.
ඕෂධ ප්‍රනාන්දු,නුවනිඳු ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක හැරුණු විට ජාත්‍යන්තර පිටිය සමඟ ගැටී හුරු ක්‍රීඩතකයින් මේ කණ්ඩායමේ වැඩි දකින්නට ලැබුණේ නැහැ.ලහිරු උදාරටත් යම් අත්දැකීමක් ඇතැයි සිතිය හැකි වුව ද එතරම් අත්දැකීම් නැති දක්ෂතාවය සම්බන්ධයෙන් විශ්වාසය තබා කණ්ඩායමට කැඳ වූ ක්‍රීඩකයින් අතරින් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙන්නට නායක පසිඳු සූරියබණ්ඩාර ගත් තීරණයට පිතිකරුවන් කළ සාධාරණය මේ ඉණිමක ජයග්‍රහණයේ පදනම වුණා.
ආරම්භක කඩුල්ලට ඔෂධ සහ ලහිරු උදාර අතර සම්බන්ධය ලකුණු 84 ක් වුණා.එහෙත් ලකුණු 105 දී තෙවන කඩුල්ල දැවීමෙන් පසු පන්දුවට පහර දෙන්න පැමිණි සොනාල් දිනූෂ කණ්ඩායමේ බර සිය උර මත රඳවා ගත්තා.ඔහු අටවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වන විට පන්දු 193 ක් වැය කර ඔහු ලකණු 145 ක් ලබා තිබුණා.විෂාද් රන්දික ලකුණු 63 ක් ලබා ගත් අතර අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි වනුජ සහන් අනෙක් අන්තයේ පිතිකරුගේ කඩුල්ලට හානියක් නොවන ආකාරයට නිතරම පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් වටිනා ලකුණු 75 ක් එක් කළේ පන්දු 118 ට මුහුණ දෙමින්.
ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 435 ක ලකුණු පූවරුව පීඩනයක් ලෙස ඇෆ්ගන් කණ්ඩායමට දැණුනා.ඒ පීඩනය හමුවේ පළමු ඉණිම ලකුණු 435 ක් කරා යද්දී ඇෆ්ගන් කණ්ඩායම වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කළ පන්දු යවන්නා වූ සියා අර් රහ්මන් ලකුණු 127 ට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණා.
ඇෆ්ගන් පළමු ඉණිම ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව ඇති කළ පීඩනය ඉදිරියේ 198 ට සීමා වුණා.අරම්භක පිතිකරු ඉම්රාන් මීර් ලකුණු 63 ක් එක් කළා.කඩුලු රකින ක්‍රීඩක අබුදි හාඩි ලකුණු 45 ක් එක් කළා. වනුජ සහන් ලකුණු 58 ට කඩුලු 5 ක් දවා ගනිමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ දස්කම් සනාත කරා.නිශාන් පීරිස් කඩුලු 3 ක් ලකුණු 37 ට ලබා ගත් අතර ශතකලාභී ෂොනාල් දිනූෂත් ලකුණු 13 ට එක් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.
පිට පිටම දෙවන වර පන්දුවට පහරදීමේ අභියෝගයට මුහුණ දුන් ඇෆ්ගන් ඉණිම නිමාවට පත් වුණේ ලකුණු 211 ක් ව තිබියදීය.නැවත ඉම්රාන් මිර් ලකුණු 53 ක් රැස් කරන්නට සමත් වුණා.ඉජාස් ැහම්ඩ්ගේ දායකත්වය ලකුණු 54 ක් වූ අතර ඇෆ්ගන් දෙවන ඉණිම සුණු විසුණු කළ නිසල තාරක ලකුණු 42 ට කඩුලු 6 ක් දවා ගන්නට සමත් වුණා.නිශාන් පීරිස් ලකුණු 63 ට කඩුලු 2 ක් දවා ගත් අතර තුන් ඉරියව්වෙන්ම දක්ෂ බව තහවුරු කරමින් වනුජ සහන් මෙන්ම ෂොනාල් දිනූෂත් එක් කඩුල්ල බැඟින් දවා ගනු ලැබුවා.
නායකයෙක් ලෙස පසිඳු සූරියබණ්ඩාරට කණ්ඩායම මෙහෙයවීමට ලැබුණු අවස්ථාව සාර්ථඛව නිම කළ අතර කළමණාකරු ලෙස විනෝදන් ජෝන් ද සය කළමණාකාරීත්වය යටතේ මෑත කාලීනව ලැබූ තවත් ජාත්‍යන්තර ජයක් ලැබූ අතර,මෙම ජය පිටුපස අවිශ්ක ගුණවර්ධන සහ පුහුණු කාර්ය මණ්ඩලය දැක් වූ දක්වූ දායකත්වයද ඉහළින්ම අගය කළ යුතු වෙනවා.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජයග්‍රාහී කණ්ඩායමයි


