ජනතාව පෝලිමේ සිටියදී රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර් 200 ක් රැගෙන ගිහින් – රත්ගම උණුසුම් වෙයි

Date:

ගාල්ල රත්ගම ප්‍රදේශයේ ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගේ විරෝධයක් හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.

විරෝධතාවයේ නියුතුව සිටි ජනතාව චෝදනා කළේ ජනතාව පෝලිමේ සිටියදී රාජ්‍ය අමාත්‍යවරයෙකු ගෑස් සිලින්ඩර් 200 ක් රැගෙන ගොස් ඇති බවයි. ජනතාව කුසගින්නේ දින ගණන් පෝලිමේ සිටියදී දේශපාලනඥයන් ඔවුන්ට අවශ්‍ය සියලු අවශ්‍යතා කිසිදු අපහසුවකින් තොරව සපුරා ගන්නා බවයි.

ජනතාව මාර්ගයද අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටි අතර තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමටද සිදුව තිබේ.

රත්ගම ප්‍රදේශයේ ගෑස් අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර් 2500 ක් අවශ්‍ය වන නමුත් මෙම සතිය තුළදී ලබාදිය හැක්කේ සිලින්ඩර් 500 ක් පමණක් බව ගෑස් සමාගම් නියෝජිතයෙකු පවසා තිබෙනවා. එම සිලින්ඩර් 500 හැකි ඉක්මනින් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව පොලීසියේ මැදිහත්වීමෙන් විරෝධතාවය අවසන් කිරීමට හැකිව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉම්රාන් ඛාන් ඝාතනය කර ඇති බවට පතිරයන් කටකතා අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ...

හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 44ක් මියගොස් 279ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හොංකොංහි...

බදුල්ලේ නායයෑම්වලින් 4 දෙනෙකු මරුට. 9 දෙනෙකු අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල...

අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වේ !

සටහන - රුවන් නෙළුගොල්ල අද (27) සහ හෙට (28) අ.පො.ස....