ඩයනාගේ ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රයත් ආපසු ගනී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පහකෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ආපසු භාරදී තිබේ.

ඒ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග ඇයට තවදුරටත් ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රයක් දැරීමට නොහැකි බැවින් එම ගමන් බලපත්‍රය ආපසු භාරදෙන ලෙස ඇයට ලිඛිතව දැනුම් දුන් බවත් ඒ අනුව ඇය මීට දින තුනකට පමණ පෙර එම විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදුන් බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

එමෙන්ම ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ වනවිට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති නිසා ඇයට මෙම විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කිරීමේ හැකියාවක් නොමැති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි අයකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද්දේ පසුගිය 08 වනදා ය. ඒ අනුව ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු අනන්‍යතා ලේඛන සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද සිදුකරමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...