Ibrahim Raisi මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු“හදිසි රැස්වීමක්”!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන රජය අද(20) “හදිසි රැස්වීමක්” කැඳවා ඇත. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු බව IRNA English මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය විකාශකයින් ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශන අතර ඉස්ලාමීය යාඥාවන් විකාශනය කරන බව සඳහන් වේ.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මිය ගිය බව නිල වශයෙන් අද (20) නිවේදනය කළේය.

IRNA විසින් බෙදා ගන්නා ලද ඡායාරූපයකින් පෙන්නුම් කළේ සාමාන්‍යයෙන් රයිසි වාඩි වී සිටින පුටුව හිස්ව ඇති අතර ජනාධිපතිවරයා සිහිපත් කිරීම සඳහා කළු ලෑල්ලකින් එය ආවරණය කර ඇති බවයි. 1960 දෙසැම්බර් 14 වනදා උපත ලබා ඇති ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි එරට ප්‍රතිපත්තිවාදී දේශපාලනඥයෙකි. එමෙන්ම ඔහු මුස්ලිම් නීතිවේදියෙකි.ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවැනි ජනාධිපතිවරයා වන්නේ ද ඊබ්‍රාහිම් රයිසි. ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දැඩි මතධාරී පූජකයෙකි. ඔහු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි ඛමෙනී ට ඉතා ලැදි පුද්ගලයෙක් වශයෙන් ප්‍රකට ය.

ඔහු 2021 මැතිවරණයෙන් ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසුව, 2021 අගෝස්තු 3 සිට ඉරානයේ ජනාධිපති ධූරය හොබවනු ලබයි.ඊබ්‍රහිම් රයිසි 2004–2014 දක්වා ඉරානයේ අධිකරණ පද්ධතියේ නියෝජ්‍ය අගවිනිසුරු ලෙසත්, 2014–2016 දක්වා නීතිපති ලෙසත් සහ 2019–2021 දක්වා අගවිනිසුරු ලෙසත් කටයුතු කර තිබේ. ඔහු 1980 සහ 1990 ගණන් වලදී ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපතිවරයා සහ නීතිපති ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු 2006 මැතිවරණයෙන් ප්‍රථම වරට තේරී පත් වූ දකුණු කොරාසන් පළාතේ විද්වතුන්ගේ රැස්වීමේ සාමාජිකයෙකි.ඊබ්‍රාහිම් රයිසි 2021 මැතිවරණයෙන් ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසුව, 2021 අගෝස්තු 3 සිට ඉරානයේ ජනාධිපති ධූරය හොබවනු ලබයි. කෙසේ වෙතත් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ මරණය සැක සහිත බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් මත ඉදිරිපත් කරයි.

ඒඅනුව එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇතිවී තිබේ.  එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙයි. එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ වනවිට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා ය.

එම තනතුර මේ වනවිට දරනු ලබන්නේ 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් ය. ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතුය. එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා ය.

ඊබ්‍රාහිම් රයිසි ජනපතිවරයා ශ්‍රි ලාංකිකයන් අතර ද මහත් ප්‍රසිද්ධියට පත් වූයේ පසුගියදා උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වීමත් සමඟය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පරිදි ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පසුගිය අප්‍රේල් (24) පෙරවරුවේ මත්තල ගුවන්තොටින් මෙරටට සම්ප්‍රාප්ත විය. උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් පසු මත්තල සිට ගුවන් මඟින් කටුනායක කරා පැමිණි ඒ මහතා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකටද එක් විය.

දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ, සංස්කෘතික, කෘෂිකාර්මික, සංචාරක, විද්‍යා මෙන්ම තාක්‍ෂණික ක්ෂේත්‍ර තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට ද මෙහිදී රයිසි ජනපති වරයා එකඟතාවය පළ කළ බවද වාර්තාඅ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...