*
Thursday, May 8, 2025
spot_img

Latest Posts

මියගිය පියාට උපහාරයක් ලෙස අඩි හතළිහක තොරණක් නිමවූ ජනනි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW):ඇය නමින් ජනනි අලුදෙනියයි. ඇය පල්ලේබැද්ද රෝහල මාවතේ පදිංචිව සිටියි. ලංකා ඉතිහාසයේ කාන්තාවක් වෙසක් තොරණක් නිර්මාණය කිරීමේ පළමු වාර්තාව ලෙස වාර්තාවක් බිහි කරමින් තම මියගිය පියාට උපහාරයක් සිදු කළ ජයනි, මේ වනවිට තිස් දෙවෙනි වියෙහි පසුවෙන ඇය එක් දරු මවක්. අතර ඇය පල්ලේබැද්ද මහා විද්‍යාලයේ චිත්‍ර විෂය පිළිබදව ආචාර්ය වරිය ලෙස සේවය කරයි.

එම තොරණ භද්‍රඝට ජාතකය පිළිබිඹු කෙරෙන තොරණක් වන අතරය එය අඩි හතළිහක උසින් යුක්තය.රූප රාමු අටකින් හා අමතර චිත්‍ර හතරකින් එම තොරණ විචිත්‍රවත් කිරීමට ඈ සමත්වී ඇති අතර, පල්ලේබැද්ද මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු ඇය උසස් පෙළ හදාරා ඇත්තේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයෙණි.

උසස් පෙළ සමත්වන ඇය විශ්ව විද්‍යාල වරම් ලබා කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුලත් වන්නීය. එම විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා ඇය 2019 වසරේ පල්ලේබැද්ද මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස ප්‍රථම පත්වීම ලබන්නීය. පත්වීම ලැබුණු දිනයේදීම ඇයට සංස්කෘතික අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ මුද්‍රණ කලාව තරගා වලියකදී සම්මානයකට හිමිකම් කියන්නට සමත්වී ඇත. එදින සිට පල්ලේබැද්ද මහා විද්‍යාලයේ දරුවන් චිත්‍ර තරග සදහා සමත්ත ලංකා ජයග්‍රහණ දක්වා රැගෙන යාමට ඇයත් සමත් වී තිබේ. ඇයගේ මේ සිතුවම් නිර්මාණ කලාව ලංකා ඉතිහාසයේ කාන්තාවක් විසින් සිදු කරනු ලැබූ පළමුවනි නිර්මාණය බවට පත් වී ඇති බව ඒ සම්බන්ධව තැබූ සටහන් වල සදහන් කර ඇත. ජනනි නිර්මාණය කළ තොරණ මෙවර උදාවන වෙසක් පුන් පොහොය දිනයේ ගොඩකවෙල අරඹදෙනිය ප්‍රදේශයේදී ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇත.එය විදුලි බුබ්‍රුළු තිස් දහසක ආලෝකයෙන් එදින ආලෝකමත් කෙරෙන බව එහි විදුලි ආලෝක ශිල්පි පද්මසිරි අර‌ඹදෙනිය මහතා පැවැසීය.

ජනනී අලුදෙනිය සිය නිර්මාණය ගැන දැක්වූයේ මෙවන් අදහසක්,

මම මේ නිර්මාණය කළේ මගේ පියාණන්ට උපහාරයක් විදිහටයි. මම මේ තැනැට ගේන්න මගේ තාත්තා අපරිමිත කැපැවීමක් සිදු කළා.මම පාසල් යන කාලයේ සිට චිත්‍ර කලාවට ආශා කළා.චිත්‍ර ශිල්පය. වෑල්ඩින් ශිල්පය.යකඩ මූර්ති ශිල්පය මට තාත්තා ඉගෙන්නුවා.ඒවාත් මට හොදට කරන්න පුළුවන් තාත්තා එම ශිල්ප ලබා දුන්නත් ඒයාගේ ආසාවක් තිබුණේ මම චිත්‍ර ශිල්පය පැත්තෙන් ඉහළට යනවට. මම කුඩා කාලයේ සිට පාසලේ ඉහළ පංති වල ඉගෙන ගන්නා කාලයේදීත් තොරණ් බලන්න යනවා. අපි ඒවා බලලා ගෙදර අවිල්ලා ඒ සම්බන්ධව කතා කරනවා.තාත්තාගෙත් මගෙත් විශාල බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි තොරණක් නිර්මාණය කරන්න. ඒ සදහා අනුග්‍රහයකයන් සොයා තාත්තා නොගිය තැනක් නැති තරම්. සමහර විට අනුග්‍රහයකයින් හිතන්න ඇති මේ පොඩි කෙල්ලෙකුට මොනාද කරන්න පුළුවන් කියලා.කොහොම කොහොම හරි තාත්තගෙයි මගෙයි බලාපොරොත්තුව සිහිනයක් පමණක් වුණා.

ඒත් අපි තොරණ් වල චිත්‍ර ,ආලෝකය, කතා වස්තුව පිළිබදව නිතර කතා කරනවා. ඒ අතරතුර තාත්තා මාව චිත්‍ර ප්‍රදර්ශනයකට යොමු කළා. ඇඹිලිපිටිය නගර සභාවේ පැවැති එම ප්‍රදර්ශණයේදී මගේ චිත්‍ර ගණනාවක් විකුණා ගැනීමට හැකියාව ලැබුණේ තාත්තාගේ උපදෙස් මත ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ ඡායාරෑප බොහෝමයක් ඇන්ද නිසා එයාල එම චිත්‍ර මිලදී ගත්තා.මොන ප්‍රදර්ශන පැවැත්වුවත් තාත්තාගේ බලාපොරොත්තුව තොරණක් නිර්මාණය කිරීමට මාව යොමු කිරීමයි. ඒ සියළු බලාපොරොත්ත්තු සුන් වෙලා ගියා තාත්තා හදිසියේ අසනීප වුණ නිසා.තාත්තා දිගින් දිගටම ප්‍රතිකාර ලැබුවා.අපි හිතුවේ සුළු අසනීපයක් කියලා තාත්තා මියයන්නට දින හතරකට පෙරයි අපි දැනගත්තේ තාත්තට තියෙන්නේ පිළිකා රෝගයක් බව. ඒයා අපිට දුකක් දැනෙයි කියලා ඒක සගවාගෙන ඉදලා තිබුණා.

ඒ බලාපොරොත්තුවත් එක්කම තාත්තා මිය ගියත් මගේ තාත්තා වෙනුවෙන් කවද හරි තොරණක් නිර්මාණය කරලා එයාට උපහාරයක් සිදු කරනවා කියලා මගේ හිතේ තිබුණා.ඒ උපහාරය තමයි මේ සිදු කළේ. ආදරණීය පියෙක් වෙනුවෙන් දියණියකට මොන තරම් නිර්මාණ කළත් මදි කියලයි හිතෙන්නේ.ගැහැණියකට නිර්මාණ කිරීමේ හැකියාව තිබෙනවා.නමුත් ගැහැණියකට සෑම දෙයක්ම කරන්න පුළුවන් කියලා කොතෙක් සටහන් තැබුවත් ඒක සමාජ ගත වෙලා තිබෙන්නේ ගැහැණියකුට බැහැ කියලා.ගැහැණියක් තම පවුල් සංස්ථාව වෙනුවෙන් කළයුතු වගකීම් හා යුතුකම් අඩුවක් නොකර ඉටු කරන්න.එහෙම උනාම තමයි පවුලකට ගැහැණිය ආභරණයක් වෙන්නේ.එහෙම ඉදිමින් ඉලක්කය අත නොහැර ගියොත් මෙවැනි නිර්මාණ කළ හැකියි. ගැහැණිය නිර්මාණශීලියි. ඇය රාමුවකට කොටු කර තිබෙනවා. එසේ කොටුවිය යුතු නැහැ මගේ ඉදිරි බලාපොරොත්තුව දැවැන්ත තොරණක් නිර්මාණය කිරීමයි” ලෙස ඇය පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan