*
Friday, September 20, 2024
spot_img

Latest Posts

බහරේනය ක්‍රිකට් වාර්තා පොතට ගෙනියන දීපිකා සහ ගල්ෆ් කළපායේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලලනා වත

මේ මොහොතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක වාර්තා කිහිපයක් ගැන ලෝකයේ අවධානය යොමු වී ඇත.ඉන් එක වාර්තාවකට අදාළ කණ්ඩායමේ සංයුතියට ලාංකිකයන් හය දෙනෙක්ගේ නම් ඇතුළත්ය.ඉන් පස් දෙනෙක්ම ඒ වාර්තාගත කණ්ඩායම නියෝජනය කර ඇත.ඒ තරගයට අදාළව එක් වාර්තාවකට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ජාතික කාන්තාක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක්ය.ඇය දීපිකා රසාංගිකා ය.ඇය පන්දු 66 න් සවුදි අරාබියාට එරෙහිව බහරේන් රාජ්‍යය නියෝජනය කරමින් ලබා ගන්නා ලකණු 161 මේ දකවා ජාත්‍යන්තර 20/20 තරගයක ක්‍රීඩිකාවක් ලබා ගත් ඉහළම ලකුණු ගණන හැටියට ඉතිහාසයට එකතු වෙනවා.එසේම ඇය සහ බහරේන් කණ්ඩායමට නායකත්වය දෙන තරංගා ගජනායක එක්ව දෙවන කඩුල්ලට පවත්වන ලකුණු 255 ක නොබිඳි සබදතාවය 20/20 ක්‍රිකට් තරගයක කඩුල්ලක් සඳහා පැවත් වූ හොඳම සබඳතාවය ලෙසත් ඉතිහාසයට එකතු වෙනවා.

එසේම මේ වාර්තාගත ලකුණු ප්‍රමාණය රැස් කළ බහ‍රේන් කණ්ඩායමට දීපිකා සහ තරංගා ට අමතරව කඩුලු රැකිමේ වගකීම පැවරුණු රසිකා හතදුරගේ, රසිකා රොඩ්රිගෝ සමඟ සචිනි ජයසිංහ ඇතුළත්ව සිටිනවා.මෙම සංචිතයට තවත් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් වන ගයනි ප්‍රනාන්දු ද ඇතුළත්ව සිටිනවා. .සචිනි හැරුණු විට මෙම ක්‍රීඩිකාවන් බොහො දෙනෙක් අවුරුදු 38 සහ 41 වයස් කාණ්ඩවල වෙසෙන අතර සචිනි 25 වන වියේ පසුවෙනවා.දීපිකා හරුණු විට මේ කිසිඳු ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා නොමැති අතර නමුත් දක්ෂතා සහිතව සිය හොඳම කාලය සැඟවී සිටි බව කණ්ඩායමේ නායිකා 38 හැවිරිදි තරංගා ගජනායක වැනි ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන්ගෙන් පැහැදිළි වෙනවා.

ගල්ෆ් කොෆරේෂන් කුසලාන වෙනුවෙන් පැවත්වෙන මෙම තරගාවලියට මේ අවස්ථාවේ දී ගල්ෆ් කළාපය නියෝජනය කරන කණ්ඩායම් ඇතුළත්ව තිබෙනවා.ඒ අනුව බහරේනය,ඕමානය,කුවේට්,සවදි අරාබිය,කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලියට සහභාගි වෙනවා.දැනට ගෙවී තිබෙන තරග අතරින් වැඩිම ලකුණුලාභීන් ලෙස ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් තිදෙනාම ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්.දීපිකා ඒ අතරින් තරග තුනක් ක්‍රීඩා කර ලකුණු 183 ක් රැස් කර ඉදිරයෙන්ම සිටිනවා.තරංගා ගජනායක සිටින්නේ තෙවන තැන.ඇය ඉණිම තුනකදි ලකුණු 142 ක් එකතු කරගෙන සිටිනවා.මෙහිදී වඩාත්ම මතු බලපොරොත්තු තැබිය හැකි ක්‍රිඩිකාව වන්නේ දෙවන තැන සිටින 19 වියට ආසන්නව සිටින කවිශා එගොඩගේ යි.ඇය නියෝජනය කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය වන අතර ඇය ත්‍රීඩා කර කිසිඳු තරගයක තවමත් දැවී ගොස් නැහැ.එමෙන්ම අර්ධ ශතකයක් සමඟ රැස්කර තිබෙන ලකුණු ප්‍රමාණය 153 ක්.බොහෝ විට ගල්ෆ් කළාපයේ ක්‍රිකට් අනාගතයේදි කවීශා යනු නිරන්තරයෙන් නම කියැවෙන පරමාදර්ශයත් විය හැකි ක්‍රීඩිකාවක් විය හැකියි.

පන්දු යැවීමේ දක්ෂතා සැළකිල්ලට ගැනිමේදි කඩුලු 5 බැඟින් දවා ගත් පන්දු යවන්නියන් කිහිප දෙනා අතර තරංගා ගජනායක ද සිටිනවා.ඇය ඒ සදහා ලබා දී ඇත්තේ ලකුණු 44 ක් පමණයි.ඒ වගේම කඩුලු 4 ක් දවා ගන සිටින දෙවන පොකුරේ දීපිකා රසාංගිකා සිටිනවා.ඇය ඒ සඳහා ලකුණු 66 ක් ලබා දී තිබෙනවා.

එකම ඉණිමකින් ලෝක වාර්තා තුනකට සම්බන්ධ වූ දීපිකා රසාංගිකා 2008 සිට 2014 දක්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්.ඇය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 2013 දී ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයකට මාවත සකසමින් අනගි ලකුණු 84 ක් ලබා ගන්නවා.ඉන්දියාව සමඟ ඉන්දියාවේදීම පැවති කාන්තා ලෝක කුසලානය සඳහා වූ එම තරගයේදී ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 5 ක් දැවී ලකුණු 282 ක් ලබා ගන්නට සමත් වෙනවා.

එහිදි දීපිකා මනා සැළසුම් සහගත ඉණිමක් ක්‍රිඩා කරමින් දෙවන කඩුල්ල වෙනුවෙන් යශෝධා මෙණ්ඩිස් සමඟ ලකුණු 17 ක සබඳතාවයක් පවත්වනවා.යශෝධා ලකුණු 55ට දැවී යාමෙන් පසුව එවකට කණ්ඩායම් නායිකාව වූ ශෂිකලා සිරිවර්ධන සිරිවර්ධන සමඟ තවත් ලකුණු 67ක සබඳතාවයක් පවත්වන දීපිකා අවසාන ඕවර් කිහිපයේදී ප්‍රචණ්ඩ පිති හරඹයක් දියත් කර පන්දු 31 කි න් ඒසානි ලොකු සූරියට නොදැවී ලකුණු 56 ක් ලබා ගන්නට හැකි නිදහස පිටියේ සකසන්නට මඟ පාදමින් ක්‍රියා කිරීම නිසා එම ඓතිහාසික ජයග්‍රහණයේ තරගයේ වීරයා වීමේ භාග්‍යයයද උදා කර ගන්නවා.

එම තරගාවලිය ශ්‍රී ලංකාව කාන්තා ලෝක කුසලාන තරගාවලියක ඉහළම දක්ෂතා දුක්වූ තරගාවලිය ලෙස ගැනෙන අතර ඉන්දියාව පමණක් නොව ප්‍රබල එංගන්ත කණ්ඩායමද පරාජයට පත් කරා.එවර සූරියන් වූ ඕසට්‍රේලියානු පන්දු බල ඇනිය ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 131 ට සීමා වෙද්දී හුදෙකලා සටනක නියැලුණු දීපිකා ලකුණු 43 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභිනිය වුණා.දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ විශිෂ්ඨ ජටද පිත්තෙන් ලකුණු 43 ක් එක් කර දායකත්වය දුන් දිපිකා එවර ලෝක අනු සූරියන් වූ කොදෙව් කණ්ඩායම හමුවේ ශ්‍රි ලංකා කණ්ඩායම අඩු ලකුණු ගණනකට දැවී යද්දි ශ්‍රී ලංකා ක්‍රිඩිකාවක ලබාගත් වැඩිම ලකුණු ගණන වූ 28 ක් රැස් කරන්නට ද සමත් වුණා.

ලෝක කුසලාන තරගවලින් ඉනික්බිතිව පැවති කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී යළිත් අර්ධ ශතකයක් (55) රැස් කරන දීපිකා එම තරගයේදී ශ්‍රී ලංකාවට ලෝක අනු සූරියන්ට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයකට යාමට මඟ පෙන් වූවා.කොදෙව් කණ්ඩායම ලකුණු 180 ට සීමා කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පෑ දස්කම පිතිකරණයෙන් ගලිහි යාමට නෙදෙමින් අංක තුන පිතිකරු ලෙස දෙවන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදි පිටියට පිවිසි දීපිකා මනා කළමණාකාරීත්වයක් සහිත අනගි ඉණිමක් දියත් කරමින් 34 වන ඕවරය තෙක් කඩුල්ලේ රැඳි සිටියා.පන්දු 91 දී ලකුණු 55 ක් රැස් කරමින ශ්‍රී ලංකා ඉණිමේ නැංගුරම බවට පත් වෙන්නට දීපිකාට හැකි වුණා.නමුත් ඉන් පසු පැවති කොදෙව් තරගයේදී මෙන්ම අනතුරුව ඉන්දියාවට එරෙහිව පැවති තරග තුනේදී ද ලකුණු අතරට නොපැමිණි දීපිකාගේ ඓතිහාසික ජයග්‍රහණ පිළිබඳ දායකත්වය සමඟම ඇය පෙන් වූ කුසලතා යළි අවදි කර ගන්නට අවධානය යොමු නොකළ පරිපාලකයන් දීපිකාව අමතක කර දැමුවා.

ඉතාමත් ඉහළ මට්ටමේ තරගාවලියක් හැටියට ගත නොහැකි වුවත්,පන්දු 61 ක් තුළ එකදූ හතරේ පහරක් හෝ නොමැතිව දීපිකාගේ පිත්තෙන් ආ ලකුණු 161 ක ඇයගේ පිත්ත තවමත් ක්‍රීඩා පිටියේ පන්දු රකින්නියන් අතර ඉඩ තෝරා ගන්නට කෙතරම් සූක්ෂමව හැසිරෙන්නේද යන්නට කදිම නිදසුනක්.ඇය බහරේනය නමින් සිය නම ලෝක වාර්තා ත්‍රිත්වයකට දායක කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව ඇය අතහැර දැමූ මැණිකක් යන්න ද කිව යුතු වෙනවා.ශ්‍රී ලංකාවේ ඇය මේ වන විට සිටියානම් බොහෝ විට විශ්‍රාමික ක්‍රීඩිකාවකගේ තත්ත්වයේ සිටින්නට තිබුණා.නමුත් ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෑ දස්කම් ගැන සළකද්දි ලාංකේය ක්‍රිකට් නියමිත කළට පෙර ඇයව අමතක කර දැමූ බව කිව යුතුයි.අඩුම තරමේ ඉතිහාසයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ හොඳම කාන්තා ලෝක කුසලාන තරගාවලියේදි තරග හතකදී ලකුණු 236 ක් රැස් කරමින් එම තරගාවලියේ පිතිකාරිණියන් අතර පස්වන තැන රැඳුණු දිපිකා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිණිය වූවා.ශ්‍රි ලංකාව වෙනුවෙන් එම තරගාවලියේ දෙවන තැනට වැඩිම ලකුණු ලැබූ චමරි අතපත්තු තරග 7 දී ලකුණු 198 ක් බා ගනිමින් සිටියේ 11 වන තැනයි.ඒ කිසිවක් සළකා නොබලාම ඉණිම හතරක අසාර්ථක වූ සැනින් දීපිකාගේ ක්‍රිකට් ජිවිතය හමාර කරන්නට ශ්‍රි ලංකාව කටයුතු කළත් එන්න එන්න කුඩා වන ලෝකය මිනිසුන්ට ඇති කරන වැඩි අවස්ථා නිසා දීපිතාගේ දක්ෂතා දියේ එබූ රබර් බෝලයක් මෙන් යළි මතුව තිබෙනවා.ඉදිරියේදී ගල්ෆ් කෝපරේෂන් කුසලාන තරගාවලියේ යළි යළිත් දීපිකාගේ මෙන්ම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේත් නම් රැව් පිළිරැව් නැඟෙනු ඇති.

දිපිකාව බලධාරීන්ට අමතක විම ගැන සිහි කරන අතරේම දීපිකාගේ සහ බහරේන් ලෝක වාර්තාව පිටුපස අමතක නොකළ යුතු තවත් ලාංකිකයෙක්ද සිටිනවා.ඔහු ප්‍රබෝධ අර්ථවිඳු යි.තවමත් තරුණ ප්‍රබෝධ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ එන්සීසී ක්‍රීඩා සමාජයටත්,සැරසන්ස් ක්‍රීඩා සමාජයටත් සම්බන්ධ වී ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan