වම්මුන්ව තොගපිටින් දොඹකරවල එල්ලා මරාදැමූ ඝාතකයාට ශෝක පනිවිඩ යවන වම්මු …

Date:

ජා.ජ.බ. නායක අනුර සහෝදරයා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අබාවය සම්බන්ද යෙන් ශෝක පනිවිඩ යවා තිබෙනු මාධ්‍ය තුලින් දුටුවෙමි.. රාජ්‍ය නායකයින් හා රජයක් මැදිහත්ව යවන ශෝක පණිවිඩ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකි..එහි ඇත්තේ රටවල් දෙකක් අතර සබඳතාවයකි..

නමුත් වාම විබවයකින් පැවත එන සහ වත්මනේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් ලෙස පෙනී සිටින පක්ෂයකට මෙසේ ඊබ්‍රාහිම් රයිනිට ශෝක පනිවිඩ යැවීම එක්කෝ රයිසි යනු කවුරුන්දැයි හරිහැටි නොදැන කරන ක්‍රියාවකි..

නැත්නම් අනුර සහෝ තමා කරන දේශපාලනයවත් කුමක්දැයි හරි හැටි නොදැන කරන ක්‍රියාවකි…

ඇත්තෙන්ම ඊබ්‍රාහිම් රයිසි යනු කවුද?

ඉරානය යනු 1979 ට පෙර නිදහස් රාජ්‍යයකි.. සියල්ල කනපිට හැරුනේ අයතුල්ලා කොමේණි යටතේ ඉරානය තුල සිදුවූ මූලධර්මවාදී විප්ලවයෙන් පසුවය..

මේ විප්ලවය සිදුවන විට රයිසි එහි සිටි ප්‍රබලම මතවාදී නායකයෙකි.මේ මූලධර්මවාදී විප්ලවයෙන් පසුව වාමාංශිකයින්, ප්‍රතිසංස්කරණවාදී ඉස්ලාම් පක්ෂවල සිටි සාමාජිකයින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල් වාදීන්, 8000 ක් පමන නගර මධ්‍යයේ ෆෝක් ලිෆ්ට්වල සහ වාහන ඳොඹකරවල එල්ලා මරා දැමූබව කියවේ…

ලෝක යුධ සමයෙන් පසුව සිදුවූ ලොව විශාලම ඝාතනය මෙය බව ඇතැම් මාධ්‍ය පවසයි..

මෙහිදී වෙනස් මත දරන්නන් මෙසේ ඝාතනය කිරීම සඳහා පත්කර තිබූ මූලධර්මවාදී අදිකරන මරණ කමිටුවේ සිටි ප්‍රධානීන් සතර දෙනාගෙන් ප්‍රධානියා ද රයිසිය..

පසුව එහි ඔහු අග විනිසුරු ලෙසද කටයුතු කර තිබේ.. අයතුල්ලා කොමේණිගෙන් පසුව අධ්‍යාත්මික නායකත්වයට පත්වන්නට සිටි මොහු හඳුන්වන අනවර්ත නාමය ටෙහෙරානයේ ඝාතකයා යන්නය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...