රනිල්ගෙන් සමාව ඉල්ලලා වැඩියෙන්ම ස්කෝර් කළේ ජනාධිපතිතුමා – පොහොට්ටු මන්ත්‍රී උදයන (VIDEO)

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම තුළ සර්ව පාක්ෂික සමුළුවේදී වැඩියෙන්ම ජනතා අවධානයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.

ප්‍රශ්නය – සර්ව පාක්ෂික සමුළුවෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩිපුර ස්කෝර් කළා කියලා කතාවක් ආවා ?

“මෙතන මම හිතන්නෙ වැඩියෙන්ම ලකුණු ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා ජනාධිපති ධුරයේ හිඳිමින් එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් හිත් රිදීමක් වුණා නම් සමාවෙන්න කියන්නට තරම් නිහතමානී වීම තුළ මං හිතන්නෙ වැඩියෙන් ස්කෝර් කරලා තියෙන්නෙ ජනාධිපතිතුමා”

ප්‍රශ්නය – සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලාත් මුදල් අමාත්‍යවරයා හැසිරෙන්නෙ මෙහෙම නම්, කැබිනට් එකේදිත් කණ්ඩායම් රැස්වීමෙදිත් කොහොම හැසිරෙනවා ඇත්ද ? ඔයාට ඕනෙ ඩ්‍රාෆ්ට් එකද කියලා අහන්නෙ ?

“ආවේගයකින් කතා කිරීමයි, කතා කරන ස්වරූපය පොඩ්ඩක් වෙනස් වීමයි කියන එක දෙකක්. ආවේගයකින් කතා කරන්න ගියාම ටිකක් හයියෙන් කතා කරන්නෙ. එතකොට එතුමා ඒකට කොච්චර සංවේදී වුණාද ? රැස්වීම අවසන් වෙන්නට කලින් ඒක ගෙන්වා ගන්න තරම් එතුමා ඒ අවස්ථාවේදී කාර්යක්ෂම වුණා”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...