වැසි තත්වයේ තරමක වෙනසක් – අද (31) කාලගුණය

Date:

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (31) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අබලන් වූ පටු අනාරක්ෂිත පාලම් ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : පළාත් පාලන ආයතන...

ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : ලංකා බැංකුව සඳහා...

කොළඹ ගලදාරී නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : කොළඹ 01 හි...

රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

කොළඹ LNW:අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින...