පාඨලීට චෝදනා එල්ල වුණු රාජගිරියේ රිය අනතුරට අදාළව අද ශ්‍රේෂ්ධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න!

Date:

කොළඹ LNW:රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධ නඩුවට අදාළ ව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුගේ බිරිඳ, කුඩා දරුවා සහ මව ගාල්ල, ඉමදූව ඔවුන්ගේ නිවසේ සිට රාත්‍රී 10.00 ට පමණ බලහත්කාරයෙන් කොළඹට ගෙනැවිත් අදාළ රියදුරුට වැරදි කට උත්තරයක් ලබා දෙන ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන් පවරන ලද මූලික මානව අයිතිවාසිකම් නඩුවෙහි තීන්දුව අද (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබේ.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති නෙවිල් සිල්වා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද යන අයට එරෙහිව, අනීතික අත්අඩංගුවට ගැනීම සහ එම රියදුරුවරයාගේ නිදහස නැති කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු කොට ඔවුනගේ පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් පෙත්සම්කාරිය වෙත (රියදුරුගේ බිරිඳ) ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර ඇත.

ඊට අමතරව පෙත්සම්කාරිය වෙත රු. 10,000 ක මුදලක් ගෙවන ලෙස රජය වෙත නියෝග කරන ලද අතර, පොලිස් කොමිසමට අධිකරණයෙන් නියෝග කළේ අදාළ විත්තිකාර නිලධාරීන් දෙදෙනා සම්බන්ධ විනය පරීක්ෂණයක් ද පවත්වන ලෙසයි.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක සහ නීතිඥ ජයන්ත සිල්වා යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...