(VIDEO) බස් රථයක් දුම්රිය මාර්ගයේ ධාවනය කළ රියදුරා අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW):

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් වන අතර, එම රියදුරු සිය බස් රථය අද පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. සැකකාර බස් රියදුරු සමග අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...