ආපදා මරණ 15 ක්!

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): මැයි මස 15 වැනිදා සිට ඊයේ (02 වැනිදා) දක්වා වූ දින 19 ක කාලය තුළදී සිදුවූ ආපදා හේතුවෙන් මරණ 15 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වේ.

මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ආපදා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 04 කි. පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ තුන බැගින් වාර්තාවන බව සඳහන් වේ.

මෙම මරණ අතරින් හයක්ම සිදුවී ඇත්තේ ඉකුත් පැය 24 ක කාලය තුළදීය. එනම් ඊයේ (02) දිනදීය.

මෙම මරණ අවිස්සාවේල්ල සහ මුලටියන යන ප්‍රදේශවලින් වාර්තා වේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පස් කණ්ඩියක් කඩාවැටීමෙන් 11 හැවිරිදි දැරියක්ද, මුලටියන ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් 20 හැවිරිදි සහ 27 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුද මියගොස් ඇත.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජලයේ ගසාගෙන යාමෙන් 78 හැවිරිදි පුද්ගලයෙකු, 29 හැවිරිදි කාන්තාවක් සහ හත් හැවිරිදි දැරියක් මියගොස් ඇති අතර පෙරදී වාර්තා වූ මරණ 09 සිදුවී ඇත්තේ ගස් ඉදිරී වැටීම නිසාවෙන් ඇති වූ තුවාල හේතුවෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...