ආපදා මරණ 15 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): මැයි මස 15 වැනිදා සිට ඊයේ (02 වැනිදා) දක්වා වූ දින 19 ක කාලය තුළදී සිදුවූ ආපදා හේතුවෙන් මරණ 15 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වේ.

මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ආපදා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 04 කි. පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ තුන බැගින් වාර්තාවන බව සඳහන් වේ.

මෙම මරණ අතරින් හයක්ම සිදුවී ඇත්තේ ඉකුත් පැය 24 ක කාලය තුළදීය. එනම් ඊයේ (02) දිනදීය.

මෙම මරණ අවිස්සාවේල්ල සහ මුලටියන යන ප්‍රදේශවලින් වාර්තා වේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පස් කණ්ඩියක් කඩාවැටීමෙන් 11 හැවිරිදි දැරියක්ද, මුලටියන ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් 20 හැවිරිදි සහ 27 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුද මියගොස් ඇත.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජලයේ ගසාගෙන යාමෙන් 78 හැවිරිදි පුද්ගලයෙකු, 29 හැවිරිදි කාන්තාවක් සහ හත් හැවිරිදි දැරියක් මියගොස් ඇති අතර පෙරදී වාර්තා වූ මරණ 09 සිදුවී ඇත්තේ ගස් ඉදිරී වැටීම නිසාවෙන් ඇති වූ තුවාල හේතුවෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...