“යෝජිත ආර්ථික පරිවර්තන පනත මගින් වංචා දූෂණ සිදුකිරීම සඳහා වු බලපත්‍රයක්ද යන්න මහජනතාව තුළ සාධාරණ සැකයක් මතුවෙනවා” -ජී.එල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් අභිබවා ගිය බලයක් වර්තමාන ජනාධිපතිවරයා විසින් තමා වෙත ආරෝපණය කරගෙන සිටින බවත්, යෝජිත ආර්ථික පරිවර්තන පනත මගින් සංස්ථා,ආයතන ,සමාගම්,අමාත්‍යාංශ සතු බලතල ජනාධිපතිවරයා සතු කර ගැනීමේ පෙර නිමිති දිස්වන බවත් අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසීය.

ආර්ථික පරිවර්තන පනත මගින් බූවල්ලෙක් මෙන් බලය ජනාධිපතිවරයා සතු කර ගැනීම මෙමගින් සිදුවන බවත්, යෝජිත මෙම පනත මගින් සර්ව බලධාරී කොමිසන් සභා කිහිපයක් බිහිවන බවත් පැවසූ මහාචාර්‍යවරයා එම ආයතන වල සාමාජිකින් පත් කිරීමේ පුළුල් බලතල ජනාධිපතිවරයා සතු වන බවත්, එමගින් එම කොමිෂන් සභා ජනාධිපතිවරයාගේ ග්‍රහණයට ලක් වීම නොවැත්විය හැකි බවත් පැවසීය.

මෙම යෝජිත පනත මගින් රජයේ උසස් නිලධාරින්ගෙන් සිදුවූ කාර්යභාරයට එහා ගිය දේශපාලන හස්තයකට හසුවන බවත්, මෙම පනත මගින් පත්කරන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ තානාධිපතිවරයාට අසීමිත බලතල හිමිවන බවත් පැවසීය.

ඔහුගේ නිල කාලය වසර 4ක් වන නමුත් ජනාධිපතිවරයාට තව වසර 4ක් දක්වා දීර්ඝ කළ හැකි බවත්, වර්තමාන රජයේ ආයු කාලය දින 120ක් වන බවත්,තව දින 44 පසු ජනාධිපතිවරණය සම්බන්ධ සියලු වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවන බවත් මහාචාර්‍යවරයා පැවසීය.

මෑත කාලයේ සිදු වූ වීසා වංචාව මගින් සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වූ බවත්, මෙය මහා බැංකු මංකොල්ලය සමග සමීප සමානකම් දැකගත හැකි බවත් පැවසීය. මැතිවරණ ඉලක්ක කර ගනිමින් මුදල් වංචා කිරීමේ ක්‍රියාවලියක් මෙම ආණ්ඩුව මගින් සිදුකර බව නිගමනය කිරිමට සාධාරණ හේතු පවතින බවත්, හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේදී එවක අගමැති වූ, වර්තමාන ජනාධිපතිවරයා පෞද්ගලිකව එම තනතුර සඳහා වග කියන බව සඳහන් කළත්,සිදුවූයේ ඊට හාත්පසින් වෙනස් වූ දෙයක් බවද කියා සිටියේය.

යෝජිත ආර්ථික පරිවර්තන පනතට ඡන්දය ප්‍රකාශ කිරීම කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නීත්‍යානුකූල හෝ සදාචාර සම්පන්න නැති බවත්, ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තු සඳහා නීති සම්පාදනය කිරීම වර්තමාන පාර්ලිමේන්තුවකට කිසිදු සාදාචාර සම්පන්න අයිතියක් නැති බවත්,නොයෙකුත් උපක්‍රම යොදමින් මැතිවරණ කල් දැමීමට රජය පිඹුරුපත් සකසමින් සිටින බවත්,එය පරාජය කිරීමට විපක්ෂය එකා මෙන් සටන් කරන බවත් කියා සිටියේය.

සමාජ ස්ථාවර භාවයෙහි මූලිකාංගයක් වන්නේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම බවත් , රජය පාර්ශවය මගින් ඉදිරිපත් කරන ජනමත විචාරණයක් පැවැත්වීම නීතියානුකූල හා සදාචාරාත්මක වශයෙන් කිසිදු පදනමක් හිමි නොවන බවත් කියා සිටි අතර ,ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ දින වකවානු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් හිමි නොවන බවත් එහි මූලික කාර්යභාරය ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බවද වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...