පාසල් 105 ට, මිලියන 843 ක ක්‍රිකට් උපකරණ

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 03, කොළඹ (LNW): ජාතික ගමන් මඟ නම් වූ රටේ සෑම අස්සක මුල්ලකම සිටින ක්‍රිකට් දක්ෂයන්ට ජාතික කණ්ඩායම දක්වා එන්නට මඟ සඳන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අපි මීට පෙර ද සවිස්තරාත්මකව ලීවෙමු.එහි 2024 වසර සඳහා වන පළමු අදියර නිමා කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ද සහභාගීත්වය ඇතුව මිලයන 843 ට අධික ක්‍රීඩා භාණ්ඩ තොගයක් පාසල් 105 ක් අතර බෙදා දීම සිඳු කෙරිණි.


මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 45 ක ජ්‍යේෂඨ සහ කණිෂ්ඨ යන දෙ’අංශයටමත්,පාසල් 22 ක් සඳහා කණිෂ්ඨ අංශයටත් ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම සිඳු කෙරිණි.මේ ආකාරයට බෙදා දෙන ලද උපකාරණ බෑගයට ජ්‍යේෂ්ඨ අංශයටනම් පිති දෙකක් ද,කණිෂ්ඨ අංශයටනම් පිති 3 ක් ද ඇතුළත් වී තිබිණ.ඊට අමතරව හිස් ආවරණ 2 ක්,පා ආවරණ කට්ටල 3 ක්,අත් ආවරණ කට්ටල 3 ක් සහ කඩුලු රැකීම සඳහා යොදා ගන්නා අත් ආවරණ කට්ටලයක් සහ පා ආවරණ කට්ටලයක් ද මෙම බෑගයට අයත් විණි.


මීට අමතරව තණතීරු සහිත මෙරට පළමු පෙළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 38 ක් සඳහා “ටර්ෆ් කටර්” උපකරණ බෙදාදීමක් ද මේ අවස්ථාවට අදාළව ක්‍රියාවට නැඟිණ.ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන සියලු පාසල් වෙත මේ ආකාරයට උපකරණ කට්ටල ලබා දීමට කටයුතු සූදානම් කරමින්,ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු යටිතල පහසුකම් ස්ථාපනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් හී අපේක්ෂාව වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානි කමල් ධර්මසිරි ද මෙම අවස්ථාවට එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...