කිලෝ මීටර පහෙන් පහට වැසිකිළි හදන්න කලින් නොමිලේ දුන්න අලි වැට හදන්න – විපක්ෂ නායක

කොළඹ LNW: කිලෝ මීටර පහෙන් පහට වැසිකිළි හැදීමට ආණ්ඩුව කතා කළද අලි වැට හෝ ගහගැනීමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වත්මන් රජය ගොවියා මංමුලා කර අනාථ කර ඇති බයි විපක්ෂ නායකයා පැවසුවේ.

ඔහු මේ බව පැවසුවේ අද (3) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ රාජාංගනය යාය 16-17හි පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

තමන් ආර්ථික මධ්‍යස්ථාන බැලීමට ගිය විට ආණ්ඩුවේ හෙංචයියන් ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීන්ට පහර දී ඇති බවත් ජනතාව මේ මර්දනය අනුමත නොකරන බවත් ජනතාව අපේක්ෂා කළේ මර්දනය නොව උත්තර බවත් හෙතෙම කියාසිටියේය.

රජයට මෙම ප්‍රශ්නවලට උත්තර නොමැති වුවත් සමගි ජන බලවේගයට උත්තර සහ විසදුම් ඇති බවත් ජනතා ප්‍රශ්නවලට උදාසීන අසලකමින් යුක්තව පැත්තකට වී නොසිට උත්තර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ උක් සපයන ගොවියන් පවා පාගා දමා ඇති අතර ගොවියන්ට කෝටි 60ක් ගෙවීමට ඇති බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

ගොවියාට මේ ආකාරයේ කුඩම්මාගේ සැලකිල්ලක් ලබා දෙන්නටද මේ ආණ්ඩුව බිහි වූයේ කියා තමා ප්‍රශ්න කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...