*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

දිනුවත් පැරදුනු ඉන්දියාවේ මෝඩි – විදුලිබල පනතට පොහොට්ටු ඡන්ද අවිනිශ්චිතලු – මුලින් පැවැත්වෙන මැතිවරණය-පළාත්පාලන මැතිවරණ ගැන අලුතම තත්වයක් -ජනපතිගෙන් බුද්ධාගමට මුල්තැන -සජිත් දුෂණ තුරන් කරන්නට සැරසෙයි-මැතිවරණ කොමිසමට චෝදනා රැසක් 

  • දිනුවත් පැරදුනු ඉන්දියාවේ මෝඩි
  • විදුලිබල පනතට පොහොට්ටු ඡන්ද අවිනිශ්චිතලු
  • මුලින් පැවැත්වෙන මැතිවරණය
  • පළාත්පාලන මැතිවරණ ගැන අලුතම තත්වයක්
  • ජනපතිගෙන් බුද්ධාගමට මුල්තැන
  • සජිත් දුෂණ තුරන් කරන්නට සැරසෙයි

මැතිවරණ කොමිසමට චෝදනා රැසක් 

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)


ශ්‍රීලාංකික දේශපාලනයට වැඩිම බලපෑමක් එල්ල කරන බව පැවසෙන ඉන්දීය මහා මැතිවරණය අවසන්ව තිබේ.
මෝඩි අගමැතිවරයා යලිත් වරක් ජයගත්තද අද ඔහු සිය සන්ධානය තුල සිරකරුවකුගේ තත්වයට පත්ව සිටී. අද ඔහුගේ බලය තනිකරම රැඳී ඇත්තේ චන්ද්‍ර බාබු නායිදු  හා නිතිෂ් කුමාර් යන සන්ධාන නායකයන් දෙදෙනා අතය.ඔවුන් සන්ධානයෙන් වෙන් වුවහොත් මෝඩි ට බහුතරය නැතිවේ.

            මෝඩිට බහුතරය අහිමි වූ හැටි ….
මෝඩි සඳ තරණය කළේය.සුර්යයා සම්බන්ධ පර්යේෂණ සඳහා යානා යැවීම සිදු කළේය. එහෙත් සාමාන්‍ය ඉන්දියානුවන්ට ජීවන බර දරාගත නොහැකිව දුක්විඳිද්දී , සාමාන්‍ය ජනතාව රැකියා නොමැතිව සිටිද්දී ලොව විශාලතම කෝවිලක් අයෝධ්‍යාවේ ඉදි කළේය. ජනතාව ඊට පිළිතුරු දුන්නේ එතෙක් මෝඩි  ගේ  BJP  පක්ෂය සතුව තිබු එම මැතිවරණ කොට්ටාශයේ බලයද විපක්ෂයට ලබා දෙමිනි.
 රාජ්‍ය බලය හා රාජ්‍ය මුදල් දැඩි ලෙස යොදවමින් විපක්ෂය සිරගත කරමින් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අවදානමකට ලක් කරමින් මැතිවරණ ව්‍යාපාරය සිදු කලත් අවසානයේ මෝඩි අගමැතිවරයාට මහා මැතිවරණය ජයගත හැකි වුයේ යන්තමිනි.
ජීවන වියදම අසීමිත ලෙස ඉහළයාම ,විරැකියාව ,ගොවීන්ගේ ප්‍රශ්න කිසිවක් ගැන මෝඩි රජය අවධානය යොමු නොකළ අතර ජාතීන් අතර අසමගිය වර්ධනය කරමින් හින්දු මුස්ලිම් ගැටුම් වර්ධනය වන ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් මෝඩි සිදුකල දැවැන්ත මැතිවරණ ව්‍යාපාරය සැබවින්ම ඉන්දීය ජනතාව ප්‍රතික්ෂේප කර තිබේ.
විපක්ෂයේ පක්ෂ වල බැංකු ගිණුම් තහනම් කරමින් විපක්ෂ නායකයන්ට බොරු චෝදනා නගමින් සිරගත කරමින් 
පක්ෂ දෙකඩ කරමින් සිදුකල දැවැන්ත මැතිවරණ ව්‍යාපාරය පරාජය විය. 

                       ජනතා ප්‍රශ්න ගැන නොසිතීම දේශපාලන පරාජයන්ට හේතුවන හැටි 
මෝඩි වටා ව්‍යාපාරක වලල්ලක් බිහිවී තිබිණි. ඒ හරහා දුෂණ චෝදනා රැසක් එල්ලවිය.මාධ්‍ය ආයතන රැසක් මොදිගේ ව්‍යාපාරික  සහචරයන් විසින් මිලදී ගන්නා ලදී. එම නිසා ඉන්දියානු  ජනතාවට ඇත්ත දැන ගැනීමට පවා මේ වන විට ඇත්තේ සීමිත මාධ්‍ය කීපයක් පමණි. කෙසේවෙතත් මෝඩි මැතිවරණයෙන් දිනුවත් අද එය දිස්වන්නේ පරාජයක් ලෙසය. ඉන්දීය  විපක්ෂය මහා මැතිවරණය පරාජය වුවද ඔවුන් විශාල ජයග්‍රහණ ගණනාවක් ලබමින් මෝඩි ගේ ප්‍රතිරූපය මෙන්ම බලයද සුනුවිසුනු කර තිබේ. ඉන්දීය මැතිවරණය සැබවින්ම මෙරට දේශපාලන පක්ෂ වලටත් නායකයන්හටත් හොඳ පාඩමකි.එසේම ඉන්දියාව තුල මෝඩි ගේ බලය සීමාවීම ශ්‍රීලාංකික දේශපාලනයටද එකසේ දැනෙනු ඇත.

               ඕනෑම මැතිවරණයකට සූදානම් …..
ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වුවද , ඊට පෙර මහා මැතිවරණය පැවැත්  වුවද , මේ මැතිවරණ දෙකම එක විට පැවැත්වුවද ඒ සඳහා මැතිවරණ කොමිසම මේ වනවිටත් සුදානම්ය.ඇතැම්විට පළාත්පාලන මැතිවරණ ඊට පෙර පවත්වන ලෙසට අධිකරණ නියෝග ලබෙන්නටද ඉඩකඩ ඇත්තේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කටයුත්තක් මේ වන විටත් විභාගවෙමින් පවතින හෙයිනි.
ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබාගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම එම ලිඛිතදැනුම් දීම කළ බවද මැතිවරණ කොමිෂන්සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක  පැවසීය.
මේ අතර සභාපතිවරයා සඳහන් කළේ ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බවයි.2024 ඡන්ද හිමි නාමලේඛනය ජුලි මස 15 වැනිදා වන විට සහතික කිරීමට අපේක්ෂා කරන බවද ඔහු  සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ විධි විධාන වලට අනුව ලබන සැප්තැම්බර් මස 17 ත් – ඔක්තෝබර් මස 16 වැනි දිනත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

                           පළාත්පාලන මැතිවරණය නොපැවැත්වීමේ චෝදනාව මැතිවරණ කොමිසමට ?
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට මැතිවරණ කොමිසම ඍජුවම වගකිය යුතු බවත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් ක්‍රියාමාර්ග නීතියට පටහැනි මෙන්ම වැරැදි සහගත බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ  මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය ශ්‍රේෂ්ඨාධිකරණයේදී දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ  මැතිවරණ කොමිසම මෙලෙස දැඩි දෝෂ දර්ශනයට ලක්කර ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ  විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන  
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගෙන්    සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම්වල වග උත්තර කරුවන් වශයෙන් මැතිවරණ කොමිසම එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ ගොනු කර ඇති මෙම පෙත්සම් කැඳ වූ අවස්ථාවල දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ  කරුණු දක්වමින් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍යතා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රැස්වීම් පවත්වා ඇති බව සඳහන් කළේය. එලෙස පැවැත් වූ රැස්වීම් සම්බන්ධයෙන් වැරදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද කීය.

                                  මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ගැනත් චෝදනා ?
පළාත් පාලන මැතිවරණය සඳහා ඉන්ධන හා ජල අවශ්‍යතා සපුරා ගැනීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව,
විදුලි බල සහ ජල සම්පාදන මණ්ඩලය සමග 2023 පෙබරවාරි 17 වැනිදා පැවැත්වූ සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපතිවරයා පමණක් සහභාගි වී ඇති බවත් මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් එම රැස්වීමට සහභාගී නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය. මැතිවරණ විධානවලට සම්පූර්ණයෙන් පටහැනි ආකාරයට පවත්වා ඇති මෙම රැස්වීම පැවැත්වූයේ 2023 පෙබරවාරි 18 වැනිදා බවට වැරැදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ද ඔහු කීය.මැතිවරණ කොමිසම පවත්වනු ලබන රැස්වීම් සඳහා සියලු සාමාජිකයන් සහභාගී වී ඝනපූර්ණයක් තිබිය යුතු බවට මැතිවරණ නීතියේ සඳහන්ව ඇතත් මැතිවරණ කොමිසම නීතිය උල්ලංඝනය කරමින් සෑම විටම කටයුතු කර ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ කාලයේ රටේ පැවැති ආර්ථික අගාධයෙන් බේරීමට සහ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපයීමට විසර්ජන පනතක් ගෙනාවේ යැයි ද කීය.

එම විසර්ජන පනතේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සඳහනක් නොවූ නමුත් පෙත්සම්කාර පක්ෂ වැරැදි තොරතුරු අධිකරණයට සපයා ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අවස්ථාවේ රටේ පැවැති ආර්ථික අගාධයට පිළියම් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා රජයේ මුදල් වෙන් කළ නමුත් රජය හෝ එහි ප්‍රධානීන් කිසි විටෙකත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර නැතැයි ද කීය.

                                             එජාපය මැතිවරණ සඳහා සුදානම් වෙයි 
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක්  පත් කරගනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පත්කර ගනු ලැබූ අතර ජාතික මැතිවරණ ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක  පත්විය. ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරිණි.මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේ ද සුළු වෙනසක් සිදු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් ද භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර්  උප සභාපති ලෙසද , ක්‍රිෂාන් තියඩෝර්  නියෝජ්‍ය මහ ලේකම් ලෙසද පත් කෙරිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර,සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල අකිල විරාජ් කාරියවසම්  ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කෙරිණි.
                                          රනිල් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලැබෙන බව පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයිද එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ඒ සම්බන්ධයෙන් කිසිවකුට විවාද කළ නොහැකි බව ද  එය වෙනස් කිරීමට කිසිවකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට  එක් වෙමිනි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.

ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්මආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.

                                     පොහොට්ටුවේ සහය දෙන්න කොන්දේසි රැසක් 
සමගි ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජූලි මස අග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට විධිවිධාන යොදවා ඇති අතර පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  විසින් එම සමුළුවකදී අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව දැනගන්නට ඇත. එසේම එවැන්නක් සිදුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව බවද පොහොට්ටුවේ නායකයන් ඇතැම් රැස්වීම්වලදී පවසා ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඇති අතර එම කාලය ඉක්මවා යාමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට ඇතැයි ද පැවසේ.

               සජබ කවුරුත් ආණ්ඩුවට ගියේ නැහැ ……
අපේක්ෂකයෙකු තීරණය කෙරෙනු සමගි ජන බලවේගයෙන් මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් දේශපාලන වේදිකාවලදී පසුගිය කාලය පුරා ප්‍රකාශ කළහ. එහෙත් සජබ කිසිවෙක් තවමත් ආණ්ඩුවට සම්බන්ධවී නැති අතර මෙය කල්ගතවුවහොත් එවැන්නක් නොවීමටද ඉඩ කඩ වැඩිය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේක්ෂකයන් සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත්, පක්ෂයේ කාන්තා සහ තරුණ සමුළු ද ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා කීය

                       වංචාව -දුෂණය තුරන් කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක් ….
සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිද භාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඇමති වුවත් ජනාධිපති වුවත් අගමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු අයකුට හොරකමට, අල්ලසට, පගාවට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.එවැනි තාන්න මාන්න වරදාන වරප්‍රසාද නොලැබෙන විට සමහර විට විවිධ පුද්ගලයන් විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 211 වැනි අදියර යටතේ හම්බන්තොට මුල්කිරිගල වලස්මුල්ල මැදගම්ගොඩ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මේ වන විට මත්පැන් බලපත්‍ර වෙනුවෙන් තමන්ගේ ආත්මය, ගෞරවය ගැන නොසිතා දේශපාලන පක්ෂ සොයා යන පිරිස් පවා සිටින බවත් මේ රට පරිහානියට පත් වී ඇත්තේ එම සිල්ලර දේශපාලනය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ අතර තම පාලනයක් තුල වංචා දුෂණ ඉවත්කරන බව සජිත් ප්‍රේමදාස මෙරට විදෙස් තානාපතිවරුන් සමග පැවති සාකච්ඡා වලදීද ප්‍රකාශ කර තිබේ.

                                                විදුලි බල පනතට දසතින් විරෝධය 

විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක  මහින්ද යාපා අබේවර්ධන  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජන මත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ද එම වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද   දැනුම්දී ඇතැයිද කතානායකවරයා කීවේය.

                               පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහය අවිනිශ්චිත තත්වයක 
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති විදුලි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කර ඇති අතර රජය එම සංශෝධන පිළිගෙන තිබේ.
මේ අතර එම පනතට විරුද්ධ වන ලෙස පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්ට ජනතා බලපෑම වැඩිවෙමින් පවතී. පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ දැනටමත් පුද්ගලීකරණයට විරෝධය පළකර තිබේ.එම නිසා පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක්ද ඡන්දය භාවිත කරනු ඇතැයි පැවසේ. මෙම පනතට පක්ෂවන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණ වලදී තීරණයක් ගැනීමට මහජනතාවට අවස්ථාව තිබේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan