කොළඹ LNW:විදුලි බල පනතට අදාළව බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පක්ෂයක් ලෙස ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ යෝජනා පිළිගන්නා බව පැවසූ හෙයින් එම සංශෝධන ඇතුළත් කර ඇත්ද යන්න පැහැදිලි කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
එසේ නොවුණ හොත් ඔන්ලයින් පනත මෙන් කඩිමුඩියේ සම්මත කිරීමට ගොස් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් නොකළ සංශෝධනද සම්මත විය හැකි බවටයි කිරිඇල්ල මහතා .කියා සිටියේ.
මෙහිදී කරුණු දක්වමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සියලුම යෝජනා පිළිගැනීමට එකඟ වූ බවයි.
ආශිකා බ්‍රාහ්මණ