තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ජනපති රනිල්, හිටපු ජනාධිපති මහින්ද,විපක්ෂනායක සහ පා.ම.සරත් ෆොන්සේකා ස්තූති කරයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි , සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් තමාගේ ජයග්‍රහණයෙන් පසු සුභ පැතුම් එක්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට ස්තූතිය පළකර ඇති බව වාර්තා වේ. ශ්‍රි ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර තිබේ. සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රි ලංකාව ඉන්දියාව සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරිමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිචාර දක්වා ඇත.

තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන සෙනසුරාදා මීළඟ ධුර කාලයේ දිවුරුම්දීමට නියමිතව ඇති අතර, නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිවරයා මුණගැසී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්වේ. එහිදී ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බවද ඉන්දීය ජනාධිපති කාර්යාලය නිවේදනය කරඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...