විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවෙයි

Date:

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 මාර්තු 24 වැනි බ්‍රහස්පතින්දා දින කොළඹ දී, ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවිය.

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ සමාගම්වල ආයෝජන මෙන්ම, විශේෂයෙන් තේ, මත්ස්‍ය නිෂ්පාදන, ඇඟළුම්, මැණික් හා ස්වර්ණාභරණ වැනි ශ්‍රී ලංකාවේ අගය එකතු කළ අපනයන සඳහා ප්‍රංශ වෙළඳපොළ පුළුල් කිරීම සහ සංචාරක ව්‍යාපාරය යනාදිය ඇතුළත් විවිධ මාතෘකා රැසක්, මෙම හමුවේ දී සාකච්ඡාවට බඳුන් විය. මෙහිදී සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය, පාරිසරික සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපනික හා සංස්කෘතික අංශවල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තමන් කටයුතු කරන බව, ප්‍රංශ සෙනෙට් සභිකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, ප්‍රංශ තානාපති එරික් ලැවර්ටූ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදීහු මෙම හමුවට සහභාගී වූ පිරිසට ඇතුළත් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...