ඉහළ යන එළවළු මිල!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):

වර්ෂාවත් සමඟ පවතින කාලගුණය හේතුවෙන් එළවළු වගාව විනාශ වීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් තිබෙන අතර, පසුගිය කාලයේ පහළ ගොස් තිබු එළවළු මිල යළි ඉහළ ගොස් ඇති බව කැප්පටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් පවසයි.

වැලිමඩ හා ඌවපරණගම ඇතුලු බොහෝ ප්‍රදේශවල පැවති අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් එළවළු වගාව විශාල ලෙස විනාශයට පත්වුණු බවත්,ඒ හේතුවෙන් එළවළු මිල ඉහළ ගිය අතර අද දිනයේ කැප්පටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 400ත් –  450ත් අතර . ලීක්ස් කිලෝ ග්‍රෑමයක තොග මිල ද එම අගයම ගත් අතර බීට් කිලෝ ග්‍රෑමයක් අලෙවි වුයේ රුපියල් 280ත් – 320ත් අතර මිලකට අලෙවි වූ බව පැවසේ.

වෙළදුන් පවසන්නේ, කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 280ත් – 300ත් අතර මෙන්ම මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 350ත් – 400ත් අතර පැවති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...