අපේ රටේ ගංවතුර පාලනයත් හරියට වඳුරෝ ගෙවල් හදනවා වගේ – ගංවතුර ප්‍රශ්නයට විසඳුම ධම්මික කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රධාන ගංගාවල ගංවතුර පාලනය කිරීම සඳහා මැලේසියාවේ යොදාගන්නා ක්‍රමවේදය අපත් අනුගමනය කළයුතු බව ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

“දැන් මේ දවස්වල ගංවතුර හැමතැනම. ගංවතුර ආවාට පස්සේ ආර්ථිකයට කොච්චර ලොකු හානියක් වෙනවද ? කොච්චර විනාශයක් වෙනවද ? ළමයින්ට පාසල් යන්න විදියක් නෑ, ඒ මානසික තත්ව වෙනස් වෙනවා, ළමයින්ගෙ පොත්පත් විනාශ වෙනවා, එතකොට ඒ ළමයාව ආයෙ අතෙන්ට ගේන්නෙ කොහොමද ? හැබැයි කවුරුහරි කියලා තියෙනවද ගංවතුර ප්‍රශ්නය මං මෙන්න මේ විදියට විසඳනවා කියලා ?

මං ඕගොල්ලොන්ට එක කතාවක් කියන්නම්. මං 2016 ඔය කොලොන්නාවේ කැළණි ගඟ උතුරන එක ගැන එක ප්‍රොජෙක්ට් එකක් කළා. මම වෙනම බෝඩ් දාලා සම්පූර්ණ සර්වේ එකක් කළා කැළණි ගඟේ ජල මට්ටම්, මෝය කට, වතුර බහින්නේ කොහොමද, මේ ඔක්කොම බලන්න කියලා මම කිලෝමීටර් 8ක් මෝය කටේ ඉඳලා උඩට සම්පූර්ණ ප්ලෑන් එකක් ඇඳලා බැලුවා මොකක්ද ප්‍රශ්නය කියලා මේ කොලොන්නාව යටවෙන එකට. බලන් යනකොට ගඟේ බන්ට් එක හය තැනකින් කැඩිලා. එතකොට කොලොන්නාවට වතුර දානවා හය තැනකින්. දැන් ඔය ප්‍රවෘත්තිවල යන්නේ වැලි බෑග් වලින් බැමි ගහනවා කියලා, අන්න ඒ හයේ. හැබැයි මැලේසියාවේ මේ කැළණි ගඟ වගේ ගඟවල් හතරක් තියෙනවා. ඕනෙ නම් ළමයෙකුට අද ගූග්ල් මැප්ස්වලින් ගිහිල්ලා බලන්න පුළුවන් ඒකෙ මෝය කට කොහොමද තියෙන්නෙ කියලා. අපේ අය කියන්නෙ මෝය කට හෑරුවාම ගඟ දිගේ උඩට ලුණු වතුර එනවාලු. ඒකට වහින කාලෙට මෝය කට හාරනවා, වහින් නැති කාලෙට ඒක ආයෙ පුරවනවා. වැහි කාලෙට හාරන්න ඕනෙ, වැහි නැවතුණාම ටොන් එකේ වගේ වැලි බෑග්වලින් ඒ කපපු මෝය කට කොටස ආයෙ වහන්න ඕනෙ. හැබැයි අපි ඒක ස්වභාවිකව තියාගෙන ඉන්නවා, අර ක්‍රියාව කරන්නෙ නෑ.

මේ වගේම තමයි වඳුරොත්. වහින වෙලාවට ඒගොල්ලො එකතු වෙලා කතා කරනවාලු ‘අපි හැමදාම මේ වගේ තෙමිලා තේරුමක් නෑ, අපි ගෙවල් හදන්න ඕනෙ’ කියලා. වැහැලා ඉවර වුණායින් පස්සේ ඒක අමතකයි. අද වෙනකල් ඕගොල්ලො දැකලා තියෙනවාද වඳුරන්ට ගෙවල් තියෙනවා ? නෑනෙ. ඒ වගේම තමයි අපටත් ගංවතුර පාලනය. ගංවතුර එනකොට හැමෝම පැන පැන කියනවා විසඳනවා කියලා, හැබැයි හැම අවුරුද්දෙම ගංවතුර.

ගංවතුර කිව්වාම මම කතා කළේ එකයි, කොලොන්නාවෙ ගංවතුර ප්‍රශ්නය විසඳන්න විතරයි. හැබැයි ඕනෙ නම් මේ වගේ ප්‍රශ්න 200ක් තියෙයි. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ විසඳන්නයි තියෙන්නෙ”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (09) අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික පත් ප්‍රදානෝත්සවය අමතමිනි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු දස දහසක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...