*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අධිකරණයෙන් වරදකරු වූ පුද්ගලයෙක් තාමත් ඒ තනතුරේ.ඒකද නීතියේ ආධිපත්‍ය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ප්‍රශ්න කරයි!

කොළඹ LNW:වංචා දූෂණවලට එරෙහි නඩු විභාගවලදී වරදකරුවන් වන විත්තිය නිදොස් කොට නිදහස් වන විට විමර්ශකයින් හිරේ යන තැනට නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබෙන අතර අවශ්‍ය වන්නේ එම තත්ත්වය වෙනස් කිරීම බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.

අද දවස වන විට නීති ගරුක සමාජයක් ලෙස හඳුනා ගෙන සිටින්නේ වරදකරුවන් නිදහස් වී නිලධාරීන් හිරේ යන තත්ත්වයට වන හෙයින් එය වෙනස් කිරීමට අවශ්‍ය පෙළගැස්ම සිදුවිය යුතු බවටත් එය වෙනස් කිරීමට හැකි බවට විශ්වාසයක් පවතින බවත් සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

ජාතික ජන බල වේගයේ වේදිකාව තෝරාගන්නේ ඒ වෙනුවෙන් බවයි ඔහු පැවසුවේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මේ බව කියා සිටියේ ඊයේ (09) ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකායේ ජාතික සමුළුව අමතමිනි.

මෙහිදී සෙනෙවිරත්න මහතා විශේෂ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකරවන ලදී.

ජාතික ජන බලවේගයේ මෙම විශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩනගන විට පැවති අභියෝග මෙන්ම එය ස්ථාපිත කිරීමේ අරමුණද ඔහු පැහැදිලි කරන ලදී.

අපිට නැවත පොලිස් සේවයට එන්න අවශ්‍ය නැහැ. නීතිගරුක සමජයකුයි අවශ්‍ය!

ඒ අනුව රටේ කතා බහට ලක්වුණු ශ්‍රී ලංකා පොලීසියේ විශ්‍රාමික ඉහළ නිලධාරීන් රැසක් මෙම සාමූහිකය සමඟ එක්ව සිටින අතර පොලීසියේ සියලුම නිලයන්ගේ විශ්‍රාමිකයින් මේ සමඟ එක්ව සිටින බව පෙනෙන්නට තිබුණි.

තවදුරටත් අදහස් දවක්මින් රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මහජනතාව විසින් නිර්මාණය කරන ලද ස්වාධීන පොලීසියක් රටට අවැසි බවයි.

මේ අතර මෙම සාමූහිකය හරහා නැවත පොලිස් සේවයට එක්වීමේ අරමුණක් හෝ එවැනි කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

”කිසිම අරමුණක් නැහැ පොලිස් රාජකාරී කරන්නවත් පොලීසිවලට බලපෑම් කරනවත්. මම ඒක ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. පහුගිය දවස්වල විවිධ පාර්ශවවලින් මේ කාරණය ගැන පැහැදිලි බවක් නොමැතිවීම නිසා අපිට බලපෑම් එල්ල වුණා,කතා කරා ඔය වැඩේ කරන්න එපා ඔය වේදිකාවට නගින්න එපා. ඔයාට ඒකෙ ප්‍රතිවිපාක අත්දකින්න ලැබෙයි කියල. මට පමණක් නෙවෙයි තවත් සමහර නිලධාරීන්ටත් එල්ල වුණා. අපේ මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරියාට දුරකථන ඇමතුමක් දීලා ඔයාද මේ කට්ටිය සූදානම් කරන්නේ ඔයාද කට්ටිය කොළඹ ගෙනියන්නේ කියල තර්ජනාතමක්ව කතා කරලා තිබුණා. බැරිම තැන ඒ නිලධාරියා මොණරාගල පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. ඔන්න පැමිණිල්ල දැම්මට පස්සේ පත්තු වෙලා අනේ සමාවෙන්න අනේ සර් සමාවෙන්න පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න අපි මේ අහවල් ආයතනයෙන් අනේ අපේ නම ප්‍රසිද්ධ කරන්න එපා, මටත් කතා කරලා කිව්වා අනේ සර් ඕක මිටීමේ කතාකරන්නත් එපා. අපේ නම ප්‍රසිද්ධ කරන්නත් එපා කියල. ඒ නිසා මම නම ප්‍රසිද්ධ කරනේ නැහැ. අපේ රටේ ජාතික මට්ටමේ බුද්ධි ආයතනයකින් තමයි ඒ තර්ජනය කළේ. එවැනි සිදුවීම් නිසා අපේ සංවිධනය මොකක්ද කියල මුලින්ම පැහැදිලි කළා.

මේ අතර මෙම පොලිස් සාමූහිකය ඇති කිරීමට පෙර දීර්ඝ වශයෙන් සාකච්ජා කර කරුණු කිහිපයක් ඉතාම පැහැදිලි කරගත් බවයි රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ.

”දීර්ඝ වශයෙන් සාකච්ජා කරලා අපි කාරණා කිහිපයක් තේරුම් ගත්තා. එකක් තමයි අපේ මේ කණ්ඩායම අවංකයි. මේ දේශපාලනේ අවංක මිනිස්සු හොයාගන්න බැහැ. දෙවෙනි කාරණය ඔවුන් තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑ තරම් කැපකිරීමක් කරන්න පුළුවන් කණ්ඩායමක්. ඒක තමයි අපේ සමාජයේ අඩු. එහෙම කැපකිරීම් කරන්න අපේ අය කැමති නැහැ. තුන්වෙනි කාරණය තමයි අපි ඉදිරිපත් කරපු හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබුණා පැහැදිලිව එයින් අදහස් වුණා මේ අය තුළ මේ රට ගොඩනැගීමට ක්‍රියාවට නැංවිය හැකි සැලසුමක් තිබෙන බව. ඉන්පසුවයි අපි තීරණය කළේ හරි අපි මේකට එකතු වෙනවා ඒ වගේම අපි රට පුරා අපේ විශ්‍රාමික ප්‍රජාව මෙයට සංවිධානය කරනවා කියල. ඇයි අපි විශ්‍රාමික ප්‍රජාව මේකට එකතු කරගන්නේ. මෙතන ඉන්නේ දශක තුනහමාරක් හතරකට වැඩි කාලයක් තමන්ගේ තරුණ කාලය,තමන්ගේ ජීවිතේ හොඳම කාලය මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ හොඳම කාලය කැපකරපු පළපුරුදු කණ්ඩායමක්. මේ කණ්ඩායමට සමාජයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. අන්න ඒ අරමුණ පෙරදැරි කරගෙනයි මේ පොලිස් විශ්‍රාමික සාමූහිකය ගොඩනැගුවේ.”

රටට අවශ්‍ය වෙන්නේ ජනතාව නිර්මාණය කරන පොලිසිය!

ඒ අනුව අපේක්ෂාව නීතිගරුක සමාජයක් ගොඩනැගීම බවද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

”නීතිගරුක රටක් ගොඩනැගීමේදී කතා නොකර බැරි ආයතන තුනක් තියෙනවා. එක් ආයතනයක් තමයි පොලීසිය. ඊළඟ ආයතනය තමයි නීතිපති දෙපාර්තමේන්තුව.ඊළඟ ආයතනය තමයි අධිකරණය. ඔය ආයතන තුන ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා නම් අපේ රටේ නීතිගරුක සමාජයක් බිහිකිරීම අරුමයක් නෙවෙයි. නීතිගරුක රටක් ගොඩනැගීමේදී අපේ පොලීසිය ක්‍රියාකරන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න ඕනේ. අපේ රටට අවශ්‍ය වෙන්නේ ජනතාව නිර්මාණය කරන පොලීසියක්. මානව ශිෂ්ටාචාරයේ යුග පහුකරලා ඇවිත් කණ්ඩායම වශයෙන් ජීවත් වෙනකොට තීරණය කළා තමන්ගේ ආරක්ෂාවට කණ්ඩායමක් තෝරලා ඒ අයට බාහු බලය දෙන්න. පොලීසියට නීති හැදුණේ එහෙම. අද මහජනතාවගේ බලය ක්‍රියාත්මක වන පොලීසියයෙන් මහජනතාව අපේක්ෂා කරන්නේ මොකක්ද? වෙන කිසිවක් නෙවෙයි තමන් දුන්න බලය සාධාරණව ක්‍රියාවේ යෙදවීමයි. ඔය කියන ක්‍රියාදාමය අද අපේ රටේ සිද්ධ වෙනවද?

අධිකරණයෙන් වරදකරු කළ පුද්ගලයෙක් තාමත් ඒ තනතුරේම ඉන්නවා නම් මොකක්ද ඒ රටේ නීතියේ ආධිපත්‍ය!

මේ අතර පහුගිය අරගල සමයේ රට අරාජික වීමට පොලීසිය හේතුවක් වූ අයුරුද එහිදී ඔහු පැහැදිලි කරන ලදී. .

‘2022 ඔබට මතක ඇති රටේ තිබුණු කැළඹිලි ස්වභාවය. ගාලුමුවදොර පිටියේ දිගටම උද්ඝෝෂණ කළා. මේ කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහයෙන් එක්තරා මැර කණ්ඩායමක් ගිහින් පහර දීලා ඔවුන් එලවා දැම්මා. මහජනතාව කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවුණු දෙයක්. විශේෂයෙන් පොලිස් නිලධාරීන් බලපිටියදී මුළු රටම ගිනිගත්තා. මහජනතාව තමන් සතු බලය තමන්ගේ අතට ගත්තා. වාහන ගිනි තිබ්බා. ගෙවල් ගිනිතිබ්බා. පුද්ගලයින් ඝාතනය කළා. දින දෙකක් පමණ ගියා තත්ත්වය සමනය කරගන්න. මොකක්ද වුණේ? පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තමන් සතු බලය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීම. ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ. එතන අපරාද නඩු නිමිත්තක් තියෙනවා. නමුත් අවසානයේ ප්‍රතිඵලය වුණේ අගමැතිට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වෙන්න වුණා. රජයට ඉල්ලා අස්වෙන්න සිදුවුණා. අලුතෙන් කණ්ඩයමක් පත්වුණා. කොතෙක් දුරට එය දුර දිග ගියද කියනවා නම් ජනාධිපතිවරයාට රටෙන් පලා යන්න සිද්ධ වුණා. පොලිස් නිලධාරීන් තමන්ට තියෙන රාජකාරිය ඉටු නොකරපු නිසා වුණ සිද්ධිය. ඛේදවාචකය.

නිලධාරීන්ට මොකද වුණේ? තාමත් ඉන්නවනේ. තාමත් තනතුරු දරනවා. තාමත් ඒ රාජකාරියම කරනවා. මේකද නීතිගරුක සමාජයක වෙන්න ඕනේ. අධිකරණයෙන් වරදකරුවෙකු කළ පුද්ගලයෙක් තාමත් ඒ තනතුරේම ඉන්නවා නම් මොකක්ද මේ රටේ නීතයේ ආධිපත්‍ය. ඒක හරියට මළමිනියක් ගෙදර තියාගෙන බූරුවා ගහනවා වගේ වැඩක්. ඊට වැඩි දෙයක් නැහැ.

ඔයගොල්ලන්ට මතක ඇති 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයක් අවසන් වෙලා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබුණේ. එදින පාන්දර ඉහළම රාජ්‍ය නිලධාරියෙක් අරලියගහ මන්දිරයට පිරිස එකතුවෙනවා. ඒ වෙද්දී මැතිවරණ ප්‍රතිඵල දීම තාවකාලිකව නතර වෙලා තිබුණේ. අරලියගහ මන්දිරයේ රැස්වුණ අය තීරණය කරනවා රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වෙලාවේ එතන හිටපු නිලධාරීන් අතරේ එවකට පොලිසියේ හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහත්තයා ඒ වෙලාවේම රටේ පළාත් 09 හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට කතා කරලා රටේ ආරක්ෂක තත්ත්වය ගැන අහනවා. එතුමාට වැටහුණා කිසිම නීති කඩවීමක් නැහැ. සාමකාමී තත්ත්වයක් තියෙන්නේ කියල. ඉතින් ඒ මහත්මයා බොහොම පැහැදිලිව කිව්වා මේ වෙලාවේ හදිසි නීතිය දාන්න බැහැ හදිසි නීතිය දාන්න තරම් රටේ සාමය කඩවීමක් තර්ජනයක් නැහැ කියල. එවැනි තත්ත්වයකදී හදිසි නීතිය දැම්මොත් එය අධිකරණයේ දී අභියෝගයට ලක්වෙනවා. ඒ ක්‍රියාදාමය එතැනින්ම නතර වුණා. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වුණා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. ආණ්ඩුවක් පිහිටෙව්වා. රට ඉදිරියට ගියා. බලන්න ඒ වෙලාවේ ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්නම් මේ රට අරාජික වෙනවා. ලේ වැගිරීමක් වෙන්න ඉඩ තිබුණා.”

ආන්දෝලනයට තුඩු දී තිබෙන පාස්කු ප්‍රහාරයේ විමර්ශන හා ඒ සමඟ එකට බැඳී තිබුණු විමර්ශන නිලධාරීන්ගෙන් පළිගත් ආකාරයද රවී සෙනෙවිරත්න මහතා පැහැදිලි කරන ලදී.

විශේෂයෙන් එහි විමර්ශන භාරව සිටි එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් හා ඔහු සමඟ සිටි 700ක් පමණ විමර්ශකයින් සම්බන්ධයෙන් 2019 පත් වූ නව රජය ක්‍රියාකළ ආකාරය සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

නව රජය ස්ථාපිත කිරීමටත් පෙර සිදුවුණේ ශානි අබේසේකරව පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් ඉවත් කිරීම බවයි රවී සෙනෙවිරත්න මහතා කියාසිටියේ.

ශානි අබේසේකර මහතාව දැරූ තනතුරෙන් පහළ තනතුරකට ස්ථාන මාරුවක් දීමේ සිටි අභියාචනාධිකරණ පවසා ඇති අන්දමට අසත්‍ය චෝදනා ගොණුකර අත්අඩංගුවට ගෙන මාස 11ක් අත්අඩංගුවේ තබා ගැනීම පමණක් නොව ඔහුට හිමි විශ්‍රාම වැටුප, හිඟ වැටුප් මුදල් පවා ලබා ගැනීමට ක්‍රියාත්මක වීමට සිදු වූ ආකාරය සෙනෙවිරත්න මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

පොලීසියේ ස්වාධීන විමර්ශන නිලධාරියෙකුට අත්වූ ඉරණම එවැනි තත්ත්වයක පවතින විට පොලීසිය ස්වාධින කිරීමට ගෙන ආ ස්වාධීන පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්න කරන්නට සිදුව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව පවතින මෙම සමාජ ක්‍රමය වෙනස් කළ යුතු වන අතර ඊට ජාතික ජන බලවේගයට පැහැදිලි වැඩපිළිවෙක් ඇති බවත් එය ක්‍රියාත්මක කළ හැකි බවත් රවී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan