සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් උතුරු ඩාර්ෆූර් අගනුවර අවසන් රෝහලත් වසා දැමේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 10,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සුඩානයේ පැරාමිලිටරි ප්‍රහාරයෙන්(RSF) පසු උතුරු ඩාර්ෆූර්හි අවසාන ප්‍රාන්ත අගනුවර වන එල් ෆාෂර් හි රෝහල වසා දමා ඇති බව වාර්තා වේ.

මෙම රෝහල බටහිර සුඩානයේ ඩාර්ෆූර්හි අවසන් ක්‍රියාකාරී රෝහල වූ අතර මෙය RSFපාලනය යටතේ නොමැති විශාල බටහිර කලාපයේ ඇති එකම රාජ්‍ය අගනුවරයි.

පසුගිය සෙනසුරාදා (08) RSF සෙබළුන් රෝහලට කඩා වැඩි එය කොල්ල කෑ අතර ගිලන්රථ ආදිය සොරකම් කරන ලදී. ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එල් ෆාෂර් හි රෝහලේ සියලුම කටයුතු නවතා දමන ලදී.

2023 අප්‍රේල් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට හමුදා ප්‍රධානී අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් යටතේ නිත්‍ය හමුදාව සහ ඔහුගේ හිටපු නියෝජ්‍ය මොහොමඩ් හම්දාන් දගලෝ විසින් මෙහෙයවන ලද පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකාය අතර වසරකට වැඩි කාලයක් යුද්ධය ඇවිලී තිබේ. සුඩානය පුරා ව්‍යප්තව ඇති මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් පුද්ගලයන් මියගොස් ඇති අතර මිලියන 9 කට ආසන්න ජනතාවකට තම නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කර තිබේ.

සිවිල් වැසියන් හිතාමතා ඉලක්ක කිරීම, නේවාසික ප්‍රදේශවලට විචක්ෂණ ලෙස ෂෙල් ප්‍රහාර එල්ල කිරීම සහ මානුෂීය ආධාර අවහිර කිරීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් දෙපාර්ශවයටම චෝදනා එල්ල වී ඇති අතර මානව වර්ගයාට එරෙහි අපරාධ සහ වාර්ගික පවිත්‍ර කිරීම් සම්බන්ධයෙන් අයිතිවාසිකම් කණ්ඩායම් සහ එක්සත් ජනපදය ද පැරාමිලිටරිවරුන්ට චෝදනා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊජිප්තුවේ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කෙරේ, ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම...

කාලය, නැකත එනකම් ඉන්න දෙයක් නෑ. ජනතාව වෙනුවෙන් 21 අපි සූදානම්!

කොළඹ LNW: මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යටගහන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී...

අවසානයක් නැති වන අලි ගැටළුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : වන අලි ගැටලුවෙන්...

හෝකින්ස් වැසියන්ගේ අවසානය අතළඟ! වෙක්නා ගේ අභිලාෂය ලෝක විනාශය ද? – Stranger Things අවසන් දිගහැරුම නොවැම්බර් අග!

හෝකින්ස් වැසියන්ගේ අවසානය අතළඟ! වෙක්නා ගේ අභිලාෂය ලෝක විනාශය ද? - Stranger Things අවසන් දිගහැරුම නොවැම්බර් අග!