නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති නමුත් එකී පනතින් ආවරණය වන ක්ෂෙත්‍රය තුළ ශීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සහ තාක්ෂණයේ වේගවත් දියුණුව මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගෙන ඒ සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා සැකසූ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...