*
Friday, October 25, 2024
spot_img

Latest Posts

LNW පෙන්වා දුන් කරුණු මතු වෙයි. කැඳ වූ රගර් මහා සභාව අනීතික බැවින් සුහද හමුවක්ව විසිරෙයි

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 13, කොළඹ (LNW): පුවත්පත් දැන්වීමක් පළ කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ශ්‍රී ලංකා රගර් හී මහා සභාව කැඳවා තිබිණ.එහෙත් ව්‍යස්ථානුකූලව එය එසේ කැඳවීමට හැකියාව නැත.ඒ බව රගර් හී කෙස් යනකම්ම තනතුරු දරා,බලවත් විරෝධය එල්ලවෙන අවස්ථාවේදී එම තත්ත්වය ද නොසළකා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ශ්‍රී ලංකා රගර් හී පහසුකම් සපයන්නා ලෙස පත් කළ නියෝජ්‍ය සභාපතිව සිටි නලීන් ද සිල්වා පවසන්නේ ද නැත.එය මහා සභාවක් වූයේ නම් ඒ හරහා නව ව්‍යස්ථාවක් සම්මත කර ගැනීම ආදී කරුණු තහවුරු කර ගැනීම වැනි ඉලක්ක කරා යාමට කිහිප දෙනෙකුගේ උවමනාව මත ක්‍රියාත්මක වීම එහි යටි අපේක්ෂාව වන්නට ඇත.ඔහු පහසුකම් සපයන්නා ලෙස ක්‍රීඩා සමාජ දැනුවත් කිරීම සිඳු කරන්නේ ද එම හමුව සම්බන්ධයෙන් නීතිමය කරුණු පදනම් කරගෙන බස්නාහිර පළාත් සංගමය එල්ල කළ විරෝධයට පසුව එය වාර්ශික මහා සභාව නොවන බව කියමින්ය.


එහෙත් මේ ව්‍යස්ථාමය තත්ත්වයක් නොවන බැවින් එයට සහභාගි වීමෙන් වැළකී විරෝධය පළ කළ බස්නාහිර පළාත් සංගමය, පහසුකම් සපයන්නා ලෙස ව්‍යස්ථාමය එකඟතා මත ක්‍රියා නොකර මෙවැනි තත්ත්වයක් ඇති කරන්නට නිලවරණය නොපවත්වමින් කටයුතු කළ හිටපු වැඩ බලන සභාපතිව පත් කිරීමට එරෙහිව ද විරෝධය පළ කර තිබිණ. එම නීතිමය තත්ත්වයන් සහ පත්වීමේ ඇති වැරදිකාරී තත්ත්වයන් පෙන්වා දී මෙම අවස්ථාවට එක්වීමෙන් වැළකී සිටි බස්නාහිර පළාත් සංගමයට එරෙහිව අදහස් දක්වන්නට, එය සාමාජික මුදල් නොගෙවීම මත වරක් තහනම කරා ගෙන යන්නට සැළසුම් කළ පුද්ගලයාම මෙහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කරුණු දක්වන්නට වුව ද,කැඳවා ඇති සභාව එවැනි කරුණු කතා කිරීමට නුසුදුසු එකක් බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.


මේ සම්බන්ධයෙන් එහි සිටි පළාත් කිහිපයක නියෝජිතයින් පසුව අමාත්‍යංශ නිලධාරීන් වෙත දන්වා ඇත්තේ, මීට පෙර ද විරෝධය එල්ල කරන ලද පුද්ගලයා සභාපතිව සිට නැවත සභාපති තනතුරට ඒම සඳහා පළාත් සංගම් සියල්ලගේ සාමාජික මුදල් ගෙවූ බවත්,බස්නාහිර සහය නොලැබෙන බව පැහැදිළි වූ බැවින් එය නොගෙවා ඔවුන් එම වරදට හසුකර බවත්ය.එහෙත් එම අවස්ථාවේදි ද ඔහුට නිලවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට නොහැකි තත්ත්වයක් ආ බැවින් තරගයෙන් ඉවත් වී පසුව පත් වූ සභාපතිවරයාට දේශපාලනයට හේත්තු වී බාධා කළ බවත්ය.


දැන් මතු වී ඇති ව්‍යවස්ථා වෙනසේ අවශ්‍යයතාවය ඇති වන්නේ කෙසේද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා කල්පනා කළ යුතුය.1997 දී නවසීලන්ත ජාතික ජෙෆ් මෙතේෂන් විසින් රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මේ ව්‍යස්ථාමය පදනම සකස් කරන විට සභාපතිව සිටියේ වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මයියා ගුණසේකරය.එතැන් සිට රිස්ලි ඉල්ලියාස් දක්වාම සිටි සභාපතිවරු මේ වන තෙක් එම ව්‍යවස්ථාව වෙනස් කරන්නට ඉදිරිපත් නොවිණි.ඉල්ලියාස් සභාපතිව සිටියදී පළාත් මට්ටමෙන් විවිධ තරගාවලි පුහුණු කඳවුරු කරමින් ක්‍රීඩාවේ ව්‍යාප්තිය වෙනුවෙන් අනුග්‍රාහකයන් සොයා ගනිමින් විශාල වෙනසක් සිදු කරන්නට ක්‍රියා කළේය.එතෙක් ව්‍යවස්ථාව වෙනස් වුව ද,පැවති තැන්වලින් වෙනස් තැන්වලට රගර් ගියේ අඩුවෙන්ය.වියදම් කර දෙයක් කරානම් දේශපාලන නායකයෝ කැඳවා පෑ සංදර්ශන පමණක් විය.


ඒ නිසා ශ්‍රී ලංකාවේ රගර් ස්වාධීනව ඇමති දොර ළඟ දුක කියන්නට එන තත්ත්වයෙන් මෙන්ම,ඇමතිට ප්‍රශස්ති ගායනා කරන තත්ත්වයෙන් ද මිදී රගර්මය ගමණක් යාම ගැන දේශපාලනය කැමති වූයේ නැත.ඒ වන විට ආසියානු සභාපතිවරයා සිටියේ නිලවරණයේදී ඔහුට ඡන්දය නොදීම ගැන ශ්‍රී ලංකාව සමඟ උරණවය.ඒ වන විට ශ්‍රී ලංකාවේ රගර් බලය නැවත නොයන ලෙස ප්‍රතික්ෂේප වන මට්ටමේ සිටියද අසංග සෙනවිරත්න සිටියේ ආසියානු සභාපතිගේ දකුණු අත විලසින්ය.අසංගට ප්‍රතික්ෂේප වීමට බල පෑ ප්‍රධානම කාරණය වූයේ ඔහු සභාපතිව සිටියදී විදේශීය ක්‍රීඩකයින් ලාංකික පුරවැසි බව ලබා ගත් සේ තරගවලට ඉදිරිපත් කිරීමය.මේ වරදට දඬුවම් ලෙස පවුම් 50000 ක දඩයක් ශ්‍රී ලංකාවට පනවන්නේ ලෝක රග්බි සම්මේලනය ය.එහෙත් එවැනි වරදක් කළා යැයි ඔහුට කිසිවක් නොවන පරිදි දේශපාලන රැකවරණ ලැබෙන්නේය.එහි සිටිය ලේකම් මේ මොහොතෙත් දැඩි විරෝධය නොතකා පහසුකම් සපයන්නා ලෙස නම් කර ඇත.


ලෝකය ඉදිරියේ වැරදිකරුවන් වූ ප්‍රධානින් දෙදෙනාගෙන් එක් අයෙක් ආසියානු සම්මේලනයේ ප්‍රබල වගකීමකය.අනෙකා මේ මොහොතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් රගර් සම්බන්ධයෙන් ලෝකය සමඟ ගණුදෙනු කරමින් සිටින පහසුකම් සපයන්නාය.එසේම ඉල්ලියාස්ගේ ස්වාධීන රගර්වලට රුචි නොවුණු නාමල් රාජපක්ෂ ආසියානු සභාපති හා එක්ව පරිපාලනයට උඩින් උපදේශක සභාවක් ගෙන එන අතර එහි සභාපති වන්නේ අසංගය.මේ ආසියානු අත පෙවීම් මෙන්ම ඇමතිගෙන් ස්වාධීනත්වයට එල්ල වන බලපෑම්වලට ද සෘජුව ඉල්ලියාස් පෙනී සිටි නිසා මේ සියල්ලම එක් වී ශ්‍රී ලංකා රගර් හී අනුග්‍රාහකත්වය පවා ඈත් කරන්නට සැළසුම් කළ අතර එ් සියලු තත්ත්වයන් මත ප්‍රධාන රගර් තරගාවලි මෙන්ම පළාත් මට්ටමෙන් පිට පළාත් රගර් ද පෝෂණය කරමින් ඉල්ලියාස් විසින් රගර් ඉදරියට ගෙන යාම නැවතීමට ආසියානු සභාපති පමණක් නොව ලංකාවේ දේශපාලකයෝ සහ ඔවුන්ගේ ඇබිත්තයෝ ද එක කඳවුරකට ගොනු වූහ.
වැදගත්ම තවත් කාරණයක් ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා පවසන ආකාරයට ඡන්ද බලය පළාත් සංගම්වලට ගියාට ක්‍රීඩාව පැවතුණේ ක්‍රීඩා සමාජවල මුදල් මතය.ඒ අතර පවුම් 50000 දඩය පැමිණි විට එවකට හිටිය නිලධාරීන් එය අය කර ගැනීමට (කොටස් වශයෙන්) යෝජනා කර සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිඩා සංවර්ධනයට ලෝක සංගමයෙන් ලැබෙන මුදලෙන්ය.අමාත්‍යවරයාට මේ කරුණු කිසිවෙකු විසින් බොරු බව පවසන්නේනම් ඒ ගැන ඔහු විශ්වාසනම් ඔහු ලවාම ලිපියක් යොමු කිරීමට ද අවසර ඇත.


ඒ නිසා පළාත්වලට යන මුදලින් දඩ ගෙවන්නට කටයුතු කරන සහ මුදල් සෙවීමට වැඩ සටහනක් නැති රගර් පරිපාලනයක් තිබීම ව්‍යවස්ථාවෙ අර්බුදයක් නොවන බව තේරුම් ගැනීම වැදගත්ය.එම තත්ත්වය ව්‍යවස්ථාවද ප්‍රයෝජනයට ගෙන ඇති කරන්නට ක්‍රමයක් ආරම්භ කළ යුතුව ඇත.එසේ කළ හැකි බවට සාක්ෂි ගණනාවක් පසුගිය කාලයේ පිටපළාත්වල කෙරුණු රගර් වැඩ සටහන් නිසා දැක ගන්නට ලැබිණ.
එසේම දැනට පළමු පෙළ ක්‍රීඩා කරන රගර් ක්‍රීඩා සමාජ නියතයක් බව තීරණය කිරීම වැරදි කාරණයකි.එය දස්කම් මත තීරණය වන තත්ත්වයකට පැමිණිය යුතුය.දෙවන පෙළ සූරයන් උඩටත්,පළමු පෙළ අන්තිමයන් දෙවන පෙළටත් ගෙන ඒම රග්බි දියුණුවට වැදගත් වන්නේය.මේ නිසා පළමු පෙළ මට්ටම සහ දෙවන පෙළ මට්ටම අතර තිබෙන පරතරය අවම වී ක්‍රීඩාව තරගකාරී මට්ටමෙන් ඉහළට එසැවෙනු ඇත.
ඒ අනුව ලෝක රගර් සම්මේලනයට ලංකාවට ගැලපෙන රගර් ලෙස වැරදි කරපු සහ රගර් ණය කරපු පුද්ගලයින් ජාත්‍යන්තර මට්ටමේ පුද්ගලයින් දඩයම් කරගෙන ලංකාවේ ක්‍රීඩා සමාජ කිහිපයක රගර් නවතා ගැනීමට කරන වෑයමට ආශිර්වාද කිරීම අමාත්‍යංශය පැත්තෙන් සිදු නොවිය යුතු බරපතල වරදකි.ලංකාවේ රගර් පැතිරෙන්නට සහ පිබිදෙන්නට අවශ්‍යය වටපිටාව අතර නිශ්චිත වූ කණ්ඩායම් කිහිපයක බලයට රගර් යටත් කරනු වෙනුවට තවත් කණ්ඩායම්වලට රගර් හී දක්ෂතා වැඩි දියුණු කරගෙන පෙරට එන්නට හැකි ලෙස පළාත් සංගම් හරහා පෙළඹවීමක් ඇති කරන්නට වැඩි වියදමක් දැරිය යුතුව ඇත.එසේ තිබියදී ලෝකෙත් අල්ලගෙන තමන්ගේ ගේමක් ගහන කිහිපදෙනෙක් මේ හදන්නේ තමන්ට ජීවත්වෙන්නට ඇති සීමිත ඉදරි කාලය තුළ තමන්ගේ ඇරියස් කවර් කරගෙන තමන්ට දමනය කර ගන්න හෝ නවතාගන්න බැරි මිනිස්සුන්ට රිද්දා ආතල් එකක් ගන්නටය.


මේ මොහොතේ තමන්ගේ ඇරියස් කවර් කරගෙන ආතල් එකක් ගන්නට රගර් හරහා උත්සාහ කරන පිරිසගේ දරු මුනුපුරන් මේ රටකම ජිවත් වුණොත් දවසක තමන් ඔවුන්ට ඉතිර කර ගිය භෞතික ධනයට වඩා අපවාදයක් ඉතුරු කර ගිය පිරිසක් වනු ඇත.අඩුම තරමේ ඒ ගැන හෝ කල්පනා කර මේ ගසන්නට යන ජාත්‍යන්තර ගේමවලින් රගර් හී ආලෝකය හීන නොකර සිටීම වැදගත්ය.ක්‍රීඩා සමාජ කිහිපයක බූදලයක් වන අන්දමේ ව්‍යස්ථාවකට වඩා ලෝක රගර් සම්මේලනයට රටක තිබෙන ක්‍රීඩා ප්‍රතිපත්තිය මත තව දුරටත් ක්‍රීඩාව ව්‍යාපත් වී වසරින් වසර පළමු පෙළ කණ්ඩායම්,දෙවන පෙළ කණ්ඩායම් වෙනස් වන දක්ෂතා මත ඉදරියට ඒමට හැකි සංස්කෘතියක් මේ පොළවේ ස්ථාපිත කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති අයිතිය,ඇරියස්කාරයන් කිහිප දෙනෙකුගේ ආතල් එකට අවලංගුවීමට ඉඩ නොදෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.


සජිත් ඇතුළු සජබෙ විපක්ෂයක් හැටියට එවැනි ඇරියස්කාරයෙකුගේ උගුලට හසුව රටේ ක්‍රිකට් තහනමේ කොටස් කාරයෙක් වූ තැනට පත් නොවී,රටේ සිටින ඇරියස්කාරයන්ගේ ජාත්‍යන්තර ඩීල් හරහා රගර් තහනම් වෙන්නට නොදී,මෙරට රගර්වලට වැරදි කළ පුද්ගලයින් කළ හානියය අය කර ගැනීමට හැකි තැන්වලදී අය කරගන්නට මෙන්ම දඬුවම් දිය යුතු තැන්වලදී දඩුවම් කරන්නද මැදිහත් වී රගර් ක්‍රීඩා සමාජ කිහිපයක බූදලයක් නොකර එහි ස්වාධීන වටිනාකම රැක ගැනීමට මැදිහත් විය යුතුය.නැවතත් කියන්නේ රගර් පළමු පෙළ සිටින කණ්ඩායම් පමණක් හැමදාම එහි නොසිට දුර්වල වූ තැනදී බී වෙත ඒමත්,බී සිටින දක්ෂයන් ඒ වෙත ඒමත් සිඳුවන රගර් සංස්කෘතියක් නිර්මාණය කිරීමට මැදිහත් විය යුතුය.


අප පෙන්වා දුන් පරිදිම වාර්ශික මහා සභාව අවලංගු වී ව්‍යස්ථාමය වරදකට ක්‍රීඩා අමාත්‍යංවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොටු වන්නට ගිය තැන නැවතිණ.ඒ තත්ත්වය තේරුම් ගෙන වඩාත් නිවැරදි දේ කරන්නට නිහතමානි වීම ගැන අපි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද ගරු කරන්නෙමු.ඒ කැඳවීම සාමාන්‍ය හමුවක් කර සති දෙකකට පෙර දැණුම් දී වාර්ශික මහා සභාව කැඳවන විට එසේ නොවන තැනකදී පත් කර ගන්නට යෙදුණ නිලවරණ කමිටුව ද අනුමත කර ගන්නට වෙනවා ඇත.සමහර විට එහි සංශෝධන ද වන්නට ඉඩ ඇත.ඒ සියල්ල හරහා අප නැවතත් සිහිපත් කර සිටින්නේ පහසුකම් සැපයීමට පත් කළ පුද්ගලයා ගැන එකඟතාවයක් නැතුවා මෙන්ම ඔහු මේ වගකීම නිලවරණ ප්‍රචාරණයක් කර ගෙන නිලවරණයට එන්නේ ද නැද්ද යන්න ගැනත් විමසිලිමත්ව සිටින්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan