මහජන බැංකුව බංකොලොත්ද?

Date:

ශ්‍රී ලංකාව තුල පසුගිය දිනවල පැවති ඩොලර් ගිඟය හේතුවෙන් රාජ්‍ය බැංකු ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටළුවකට මුහුණ දී සිටියහ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය ඩොලර් බැංකු වලට නිකුත් කිරීමත් එම තත්වය මේ නව විට සාමාන්‍ය තත්වයට හැරී ඇත.

දේශපාලන අධිකාරියට සම්බන්ධ ඇතැම් පාර්ශව විසින් රාජ්‍ය බැංකු අර්බුදකාරී තත්වයකට සහ Default වී ඇති බවට කරන ප්‍රකාශ සහ සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන අසත්‍ය තොරතුරු බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන වගකිවයුතු වෘත්තිය සමිතියක් ලෙස ප්‍රගති බැංකු සේවක සංගමය විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

විශේෂයෙන්ම මේ දිනවල මහජන බැංකුව ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙවැනි ප්‍රකාශ තරයේ හෙලා දකින අතර මහජන බැංකුව සුපුරුදු පරිදි සුරක්ෂිතව රටවැසියන්ට මුල්‍ය

සේවාවන් සපයන බවත් බැංකු පද්ධතිය සුරක්ෂිතව පවත්නා බැවින් කිසිවෙක් අනියත බියක් ඇති කර නොගතයුතු බවත් ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ලේකම් එල්. කේ. ඩබ්. සූරියබණ්ඩාර මහතා පැවසීය.

මෑත ඉතිහාසයේද ඇතැම් දේශපාලඥයින් විසින් පාර්ලිමේන්තුවේදී රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් මෙවැනිම ප්‍රකාශ සිදුකරමින් මහජනතාව නොමග යැවීමට සිදු කළ උත්සහයන් ව්‍යර්ථ වී ගොස් ඇති බවද පසුගිය කොරෝනා සමයේ වුවද මහජනතාව වෙනුවෙන් ණය සහන ලබාදීම සහ රටේ ආර්ථිකය යහපත් ලෙස පවත්වාගෙන යාමට රාජ්‍ය බැංකු සුවිශේෂ කාර්ය භාරයක් සිදුකර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Sponsored Article
WGM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...