යුරෝපා සංගමය සිය විදුලි වාහන සඳහා බදු පැනවීම පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:චීනයෙන් ආනයනය කරන විදුලි වාහන සඳහා යුරෝපා සංගමය 25% දක්වා තීරුබදු පැනවීමට නියමිත බව වාර්තා වෙයි.

එයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(12) ප්‍රකාශ කළේ මෙය පිළිගත නොහැකි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගයක් බවයි.

එමෙන්ම යුරෝපා කොමිසමේ මෙම තීරණයට බොහෝ යුරෝපීය රටවල නායකයින් සහ කර්මාන්ත නියෝජිතයන් විරෝධය පළ කර ඇති අතර චීන විදුලි වාහන සඳහා තීරුබදු වැඩි කිරීමෙන් යුරෝපීය කර්මාන්තය ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම,වැරදි ක්‍රමවේදයක් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

චීන-යුරෝපා සංගමයේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයේ සමස්ත තත්ත්වය ආරක්ෂා කර ගැනීමට චීනය සමග එක්ව කටයුතු කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම චීනය සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර ඇත.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...