බාල ඖෂධ සිද්ධියට රිමාන්ඩ් කර සිටින තවත් වෛද්‍යවරයෙක් රෝහල්ගත වෙයි. නඩුව අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් තොර එන්නත් තොගයක් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ඊයේ (13) දිනයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉහළ සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

මේ සම්බන්ධ නඩුව අද (14) දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...