මිචිගන්හි විනෝද මධ්‍යස්ථානයකට වෙඩි; 8 හැවිරිදි දරුවෙකු ඇතුළුව 9 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 16,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මිචිගන්හි රොචෙස්ටර් හිල්ස් හි බෘක්ලන්ඩ්ස් ප්ලාසා ස්ප්ලෑෂ් පෑඩ් විනෝද මධ්‍යස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් 8 හැවිරිදි දරුවෙකු ඇතුළුව 9 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ ෂෙරිෆ් මයිකල් බුචර්ඩ් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, තුවාල ලැබූ වින්දිතයන් විවිධ ආකාරයේ තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවයි.

වෙඩි තැබීම සිදු කළ සැකකරු අසල නිවසක සිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අනාවරණය නොවන අතර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බව සඳහන් වේ.